අප ගැන (About Us)
නිවහන පුවත් සහ ලිපි පොරොන්දම් හඳහන නැකත් බබාට නමක් මංගල යෝජනා උදව් කොන්දේසි අප අමතන්න අප ගැන
×
නිවහන පුවත් සහ ලිපි පොරොන්දම් හඳහන නැකත් බබාට නමක් මංගල යෝජනා උදව් කොන්දේසි අප අමතන්න අප ගැන

ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා (Sri Panchayudha Astrology Service)

පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්

ශ්‍රී ලංකාවේ හොඳම ජ්‍යොතිෂ සේවය | Best Astrology Service in Sri Lanka


අපගේ ජ්‍යොතිෂ සේවාවන් 2008 වසරේ සිට ක්‍රියාත්මක වන අතර CPC/KY/DS/5/2/7524 අංකය යටතේ බලපත්‍රලාභී වෙළද නාමය වන SUNPRESS™ ආයතනයෙහි අමතර සේවාවක් වශයෙන් දියත් කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ සේවාලාභීන්ගේ බලවත් ඉල්ලීම මත ජ්‍යොතිෂයෙහි මූලිකම අංගයක් වන විවාහ ගැලපුම් සේවාව අප විසින් ආරම්භ කරන ලදී. එහි දෙවන දිගහැරුම ලෙස අදාල සේවාව ඔබට වඩාත් සමීප කිරීමේ අරමුණින් අන්තර්ජාලය ඔස්සේ Porondam.lk වෙබ් අඩවිය හරහා මෙසේ සනිටුහන් කර ඇත. Porondam.lk වෙබ් අඩවිය වෛදික ජ්‍යොතිෂ සංස්කෘත මූලාශ්‍ර සහ මූලධර්ම මත පදනම්ව ඉහළ නිරවද්‍යතාවයකින් ඔබට සේවා සපයන අතර ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් තොරව අනාගත පරපුර ‌වෙනුවෙන් ‌‌සේවාව පවත්වාගෙන යාම පිණිස, අන් සමගාමී ‌සේවා වලට සාපේක්ෂව සුළු අය කිරීම් මත කාලෝචිත මෙන්ම ඉතා වටිනා සේවාවක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප විසින් ඇප කැප වෙමු.

විවාහයේදී ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. ඊට අනුකූලව හඳහන (කේන්දරය) පරීක්ෂා කිරීමෙන් ඔබ විවාහ වීමට යෝජනා කරන පුද්ගලයාගේ ස්වභාවය දැනගන්නට ලැබේ. විවාහය වසරක් හෝ යම් කාලයකට සීමා වන්නක් නොව ජීවිත කාලයක් පුරාවට බලපාන්නක් නිසා අතීතයේ සිය කේන්ද්‍ර පරික්ෂාව සිදු කිරීම සිරිතකි. ඒ ආකාරයෙන්ම ජීවිතයේ බොහෝ අවස්ථාවන්හිදී ආගම් ‌භේද දුරලා ‌‌‌‌ලෝකයා මෙම ‌ජ්‍යොතිෂ්ශාස්ත්‍රයේ උදව් උපකාර ලබා ගනී.

කර්තෘ විසින් මෙම සේවාවේ නිරවද්‍යතාවය100% පරීක්ෂා කර, වඩා නිවැරදි ජ්‍යොතිෂ මූල ධර්ම පමණක් මේ සදහා උපයෝගී කර නිර්මාණය කර ඇති අතර ලෝකයේ 100% ක් නිවැරදි කිසිදු විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් නොමැති නමුත් ජ්‍යොතිෂ මූලදර්ම මත පදනම්ව අප විසින් ලබා දෙනු ලබන මෙම සේවාව සහ ඊට අදාල පලාපල සහ අනෙකුත් ‌සේවාවන් ඉහල නිරවද්‍යතාවයකින් යුතුව ලබා දීමට කටයුතු සලස්වා ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු.

මෙම කරුණු හොඳින් තේරුම් ගත් අය හා මෙම අන්තර්ජාල වැඩ සටහන් විමර්ෂණාත්මකව අධ්‍යයනය කිරීමෙන් පසු ඒවායේ ස්වභාවය වටහාගත් අය පමණක් මෙය භාවිත කරන මෙන් ඉල්ලා සිටින අතර කිසිදු තත්ත්වයක් තේරුම් නොගෙන පදන්ම් විරහිතව සියල්ල පිළිබදව වැරදි දෘෂ්ඨියක් හෙලනා අය හා බාහිර කඩාකප්පල්කාරී අයවළුන්ගේ අවශ්‍යතා මත ජ්‍යොතිෂ්ශාස්ත්‍රීය තොරතුරු ඍනාත්මකව සමාජගත කරවීමට උත්සුකවන්නන් අප සේවාවන් පරිහරණය කිරීමෙන් වලකින්න. එලෙසම තමන් නොදන්නා අංශයක දෝෂ පමණක් දකින මානසික මට්ටමක් ඇති අයද මෙම වැඩ සටහන් භාවිතා නොකරන ‌මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර අඳුරේ ගමන් කරන විට ආලෝකයක් රැගෙන යාම තුලින් අදාල ගමණට උපකාරයක් ලබා ගත හැකි සේම ජ්‍යොතිෂය තුලින්ද කරදර, කම්ටොළු, බාදක සහ අපල උපද්‍රව වැනි අයෝගාත්මක තත්ත්ව හමුවේ උපකාරයක් ලබාගෙන ජීවිතය ලෝකමත් කර ගත හැකි වේ.

වසර 2600 කට ප්‍රථම බුද්ධෝත්පත්තිය පවා කාලය, දීපය, දේශය ‌හෙවත් උපන් ‌දිනය, වේලාව සහ උපන් ස්ථානය පදනම්ව සිදුවී ජ්‍යෝතිර් විද්‍යාවට අරුතක් වූවා ‌සේම ඉස්ලාම් දහමේද නව සඳ බැලීමේ නැකත මෙන්ම කතෝලික දහමේද යම් යම් අවස්ථාවන් සඳහා විවිධාකාර ක්‍රම මගින් ජ්‍යෝතිෂ්‍යයෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්නා අවස්ථා නැතුවා ‌‌නොවේ. එලෙසම අද තාරකා විද්‍යාවටද අභියෝග කරමින් පරිගණක තාක්ෂණ පවා ‌නොමැති යුගයක වසර 5000 ටත් ප්‍රථම ලොවට දායාද වී ග්‍රන්තාරූඪ වූ ඒ ජ්‍යෝතිෂයට අදාල විෂය පථයෙන් ඔබ්බට ගොස් පටු අරමුණු තකා තම තමන්ගේ රුචි පාට පක්ෂ වෙනුවෙන් භාවිතා කිරීමට යෑමෙන්, ජ්‍යෝතිෂයට විරුද්ධ මතධාරීන්‌ගේ අභිලාශයන් ඉෂ්ඨ සිද්ධ වනවා සේම එමගින් ඔවුන් ඒ අපහාසයට ලක් කරන්නේ මේ ලෝකයේ ජ්‍යොතිර් විද්‍යාවෙන් අනේකවිධ ප්‍රයෝජන ලබා ගන්නා සුවහසක් ජනී ජනයාගේ අයිතියයි.!

Horoscope Matching | Horoscope | Nakath | Baby Names | Rahu Kalaya | Sihina Palapala | Hunu Palapala | Sirith | Suba Nimithi | Asuba Nimithi | Mangala Sewaya | Help | Terms | Contact Us | About Us