පෙර මඟ අසුබ නිමිති

පෙර-මග-අසුබ-නිමිති-Porondam.lk
පෞද්ගලික විශ්වාසයන් ‌කෙසේ ‌වෙතත් ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවාවෙහි ‌මෙම වෑයම බුදුන් දවස සතර ‌පෙර නිමිති ‌මෙන්ම අතීත සං‌දේශ කාව්‍යන් තුලින් පවා සත්‍ය ලෙස පෙන්වා දුන් ‌පෙර මග අසුබ නිමිති මග හැර සිය ගමන බිමන මෙන්ම ජීවිතයේ වැදගත් අවස්ථාවන් හට සාර්ථකව මුහුණ දීම තුලින් ඒවායෙහි සුබ ඵල විපාක ඉහලින්ම භුක්ති විදීමට අවශ්‍ය පසුබිම නිරිමාණය කර දීමය.

ආගත නිමිත්ත – ඔබ විසින් කිසියම් සුබ කාර්යයක් කිරීම සඳහා නිවෙසින් එළියට බැසීමේදී හෝ එම සුබ කාර්ය සිදු කරන මොහොතේදී ඉදිරියෙන් දකින්නට ලැබෙන්නා වූ පුද්ගලයන් හෝ සතුන් ආගත නිමිති වේ. ඔබ විසින් සුබ කාර්ය කිරීමට පිටත්ව යන මොහොතේදී ඔබගේ ඉදිරියට යාචකයකු හෝ වැන්දඹු වූ ස්ත්‍රියක් හෝ ආරවුල් ඇතිකර ගනිමින් කිහිප දෙනෙකු පැමිණීම අශුභ ආගත නිමිති ලෙස හඳුනා ගත හැක. එසේ අශුභ වූ සිදුවීම් තමා හට ඉදිරියට පැමිණීමෙන් තමා විසින් සිදු කිරීමට යන සුබ කාර්ය සඳහා විවිධාකාරයේ බාධක ඇතිවීමත් එම කාර්ය අසාර්ථක තත්ත්වයට පත්වීමත් සිදු වේ. කෙසේ වෙතත් එවැනි අසුබ අය ඉදිරියට පැමිණීමෙන් ඇතිවන්නා වූ අසුබ වූ පෙර මඟ සළකුණු වලකා ගැනීමේ හැකියාව ඔබටත් පහසුවෙන් කළ හැකි වේ. සුබ කාර්යයක් සඳහා පිටත්ව යාමේදී නිරෝගී ස්ත්‍රියක් විසින් මල් වර්ගයක් අතින් ගෙන හෝ පිරුණු දිය කළයක් රැගෙන තමාගේ ඉදිරියට පැමිණීමට සලස්වා ගැනීම තුළින් ද නැතහොත් නැටුම් කණ්ඩායමක් තමා ඉදිරියට පැමිණීමට සැළැස්වීමෙන් ද අශුභ ආගත නිමිති වලින් බේරී ඔබගේ කාර්ය ඉතා සුබ ලෙස ඉටු කරගත හැකි වේ.

දර්ශන නිමිත්ත – ඔබ විසින් ආරම්භ කරන්නා වූ සුබ කාර්ය සිදුකරන මොහොතේදීත් එම සුබ කාර්ය කිරීමට එළියට බසින මොහොතේදීත් ඔබට දක්නට ලැබෙන දේ දර්ශණ නිමිති වේ. බළල් සංවාසය අශූභම දර්ශන නිමිත්තක් වන අතර කැඩී බිඳී ගිය මැටි බඳුන්, ලී බඩු දැකීම ද අශුභ දර්ශන නිමිති වේ. එසේ අසුබ වූ දර්ශන දැකීම වලකා ගැනීමේ හැකියාව ද ඔබ සතු වනු ඇත. ඔබගේ නිවෙස ඉදිරිපිට කුරුලු කූඩු හෝ ජල තටාකයක් හෝ සිමෙන්ති වලින් සාදන ලද සත්ව රූප තැබීම,නිවෙසින් එළියට බසින විට එම දර්ශණ දැකීම නිසා ඔබට දැකීමට සිදුවන අශුභ දර්ශන නිමිති වලකා ගත හැකි වේ.

භාෂණ නිමිත්ත – සුබ කාර්ය පටන් ගන්නා මොහොතේ දී හෝ එම අවස්ථාවට පිටත් වීමට එළියට බසින මොහොතේ දී ඔබ ළඟින් සිටින අය කියන වචන භාෂණ නිමිත්ත වේ. ඒ අනුව ඔබ අසළ සිටින අය දැනුවත් කිරීමෙන් ඔහුගේ මුවින් අසුබ වචන පිටවීම වලකා ගත හැකි වේ.

ජ්‍යෝතිෂයේ මතයට අනුව ගමන් බිමන් යැමේදී දකින අසුබ පෙර නිමිතිද ගණනාවක්‌ වෙයි. ගමනාරම්භයේදී අඟුරු, දහයියා, ලේ, සම්, ඇටකටු, ලුණු, දර, වර්චස්‌, තෙල් වස විස යනාදිය දැකීම එම ගමන පල රහිත වීමට හේතුවකි. වඳ ස්‌ත්‍රීන්, මාස්‌ ශුද්ධියට ලක්‌වූ කාන්තාවන්, වෛශ්‍යාවන්, සතුරන්, අපරාධකරුවන්, සිරගෙයි ලගින ලද පුද්ගලයන් දැකීම ගමනේ අසුබ ලක්‍ෂණයකි. එවැනි පෙර නිමිති දැක යන ගමන සාර්ථක නොවේ.
කටුස්‌සන්, තලගොයන්, මීයන් හා ඌරන් වැනි සතුන්ද, අන්ධ, ගොලු, බිහිරි පුද්ගලයන්ද බලු පොර හා බළල් පොරද දැක යම් ගමනක්‌ පිටවන්නේ නම් ගමන යාමට පෙර ඔබ විශාල අකරතැබ්බයකට මුහුණ දෙන බව කලින් කියාපාන්නකි. නපුසංකයෝද උම්මත්තකයෝද, ජටාධරයෝද කිළිටි වස්‌ත්‍ර පොරවාගෙන සිටින්නෝද දැක ගමන් යැම සුබ ගමනක්‌ නොවන බව ජ්‍යෝතිෂ මතයයි. ගමනක්‌ යන විටම යමෙක්‌ කිවිසීමද, හූනන් හැඬීම (මෙය දිශාව අනුව වෙනස් වේ), කෑරලුන් හැඬීමද යහපත් ගමනකට බාධාවන්ය. තවද ගැරඬියන්, නයි වැනි සර්පයන් පාර හරහා මාරුවීම, කළු බල්ලෙක් ඉදිරියෙන් දිවීම, කබරයන්, බල්ලන්, ගැරඬින්, බළලුන් පොර කෑම මෙන්ම සතුන් සංසර්ගයේ යෙදීම බොහෝ අසුබ ඵල ගෙන දිය හැකි නිමිති වෙයි. එලෙසම මළ සිරුරු රැගෙන එන මිනිසුන්, සෙම්, සොටු හෝ අසූචි දැකීම මෙන්ම ඉතා අබලං වාහන, කළු, රතු හෝ නිල් තිර ඇදීම පෙර මග අශුභයි. තවද ගමනක් ආරම්භ කිරීමේදී මළ බෙර හඬ, බල්ලන්ගේ උඩුබුරලෑම, බල්ලන් කන්පට ගැසීම, කිවිසුම් යාම, කෑරලා කෑ ගැසීම, නරියන් හූ කීම, පොල්කිච්චන් එක හඬීන් කෑගැසීම හෝ කලහකාරී ශබ්ද විලාප හඬ ආදියද අශුභ හඬ ගණයට වැටෙයි.
පුද්ගලයන් සම්බන්ධ පෙර නිමිති අතර අවි ආයුධ රැගෙන එන පුරුෂයන් සහ ස්ත්‍රීන් යාචකයන්, වඳ ස්ත්‍රීන් සහ බමුණන් පපුවේ රෝම නැති පිරිමින් කෙස් කඩා දමා යන ස්ත්‍රීන් ආබාධිතයන්, දරමිටි හිස තබාගත් ස්ත්‍රීන්, හිස් භාජන, හිස් කළගෙඩි රැගෙන යන කාන්තාවන්, වැන්දඹු කාන්තාවන්, උමතු හෝ රෝගී ස්ත්‍රීන් හෝ පුරුෂයන්, ආරක්ෂක නිලධාරීන්, මළගෙදරක යන අය, කට දෙකොන කෙළ ඇත්තවුන්, නීතිවිරෝධී වැඩවල යෙදෙන්නන් ආදිය අසුභ නිමිතිවේ. ජ්‍යෝතිෂ මත වලට අනුව මෙවැනි අශුභ දේ දැක ගමන් බිමන් ගිය තැනැත්තෝ විශාල ඇබැද්දිවලට මුහුණ පා ඇති අයුරු අපි අත්දැකීම් අනුව කොතෙකුත් දැක තිබේ. වාහනයකින් ගමනක්‌ යන විට එම වාහනයට බළලෙකු යටවී මිය යැම ඉතාම අසුබ පෙර නිමිත්තක්‌ ලෙස බොහෝ දෙනකු විශ්වාස කරති. එසේ වූ සිදුවීම් මැද ගිය ගමන් මළගෙවල්වලින් කෙළවර වූ අවස්‌ථා එමටය. එහිදී රියෑදුරන්ගෙන් විමසූ විට ඒ පිළිබඳ වූ අත්දැකීම් එමටය. මෙවැනි නිමිත්තක් දුටුවිට ගමන නවත්වා ආපසු නිවසට පැමිණ වතුර පානය කර නැවත ගමන ආරම්භ කිරීම සිරිතකි.

ගමන ආරම්භයේදී හිස ආබාධයක් ඇති වුණේ නම් බොහෝ දෙනා තමා ප්‍රිය නොකරයි. නිවෙසින් පිටවන විටදීම තද කැස්සක් ඇති වුණේ නම් අතේ තිබූ මුදල නිකරුණේ වියදම කිරීමට සිදුවෙයි. ටික දුරක් ගොස් ගෙදර අයට කතා කොට අමතක වූ යමක් ඉල්ලා යයි නම් බලාපොරොත්තු වූ දෙය ඉෂ්ට නොවී නැවත යෑමට සිදුවෙයි. තම නිවෙසේ අයකුට බැණවදිමින් නිවෙසින් එළියට බැස ගියේ නම් තදබල පාඩුවක් සිදුවී ගමනින් සතුටක් නොලැබේ. නිවෙසින් එළියට බැස කණ්ණාඩියකින් මුහුණ බලා ගමන ගියේ නම් බොහෝ අඩුපාඩු සහිත ගමනක් යෑමට සිදුවී ගමන නිෂ්ඵල වෙයි. ගේදොර වසා ගමනක් යෑමට සූදානම් වෙද්දී දොර යතුර බිම වැටුණේ නම් එම ගමන සුබ නොවීම හෝ වංචාවක් සිදුවෙයි. ගමන ආරම්භයේදී කුඩා අයකු අත තිබූ දෙයක් කැඩී බිඳී ගියේ නම් මඟ අනතුරකට මුහුණ පෑමට සිදුවී ශාරීරික හානි සිදුවේ. වඳුරකු ගමනේදී ඇඟට පැන සූරා ගියේ නම් තම ජීවිතය හානි සිදු වීමට ඉඩ ඇති බැවින් තමන්ට ඉතා නරක හෝරාවක් හෝ මාරක අපලයක පෙර නිමිති වේ. ගමන ආරම්භයේදීම දුරකතනයෙන් හෝ කෙනකුගේ පණීවුඩයකින් මරණයක් ගැන අසන්නට ලැබුණේ නම් බලාපොරොත්තු ගමන යෑමට නොලැබී අනවශ්‍ය ගමනක් යෑමට සිදුවීම හෝ අධික වියදමක්ද සිදුවෙයි. නිවෙසේ සිට යන මාවතේ ගල් පඩිපෙළේ ගලක් ගැලවුණේ නම් වාහන පහසුකම් හෝ ගමනේදී නොලැබී අධික ශාරීරික මහන්සියක් විඳීමට සිදුවෙයි. නිවෙසින් ගමනක් යෑමට එළියට බැස නිවෙසේ අයකුට අවශ්‍යතාවකට මුදල් දී ගියේ නම් කරුණ ඉෂ්ට වන නමුත් වියදම් පස වැඩි වීමක් සිදුවෙයි. තමන් සමඟ ගමන යන අයකු ගමන ආරම්භයේදීම නිවෙසින් බැස සිගරැට්ටුවක් දැල්වූවේ නම් පාඩු සිදුවීමට හෝ ගමනින් සතුටක් නොලැබීමට ඉඩ ඇත.  නිවෙසින් බහින විට නිවෙසේ අයකු පරුෂවචන කියනවා ඇසේ නම් ගමනින් අනතුරක්, වස විෂ කැවීමක් හෝ ගිය කරුණ ඉෂ්ට නොවීමක් සිදු විය හැක.

අකුරු කියවීම
දරුවා බහ තෝරණ වියේදී අකුරු කියන්නට දෙමාපියන් විශාල උනන්දුවක්‌ දක්‌වති. එහිදී දරුවකු පස්‌ වස සම්පූර්ණ වීමට ප්‍රථම සුබ වේලාවකදී දරුවාට අකුරු කියවීම කළ යුතුය. බෞද්ධ
Read More
මැණික් භාවිතය  පරිස්සමෙන්
මැණික්‌ කෙනකුගේ ජීවිතය බැබළවීමට මෙන්ම විනාශයට ද හේතු වෙයි. “හෝප් දියමන්තිය” මිනිසුන් විනාශ කළේය. ගමන් මැණික්‌ නමින් විනාශකාරී මිණිකැටයක්‌ ද මහපොළව යට තිබේ. පුද්ගලයාගේ
Read More
ශනි මංගල ‌‌දෝශය
සරලවම කිවහොත් ශනි මංගල යෝගය යනු ඔබගේ ‌කේන්දරයේ සෙනසුරු ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් සංයෝගව එකම ‌කොටුවේ පිහිටීම හෝ සම සප්තමව ‌හෙවත් එකිනෙකට ප්‍රති විරුද්ධව එකිනෙකාට
Read More
ජ්‍යොතිෂය සහ මරණය
බුදුදහමට අනුව සියලුම සතුන්ගේ මරණය චතුර් නිමිත්තකින් සිදු වන බව සඳහන් වෙයි. එනම් ආයුෂ අවසන් වීම නිසා සිදුවන මරණ ආයුඛ්‍ය මරණං ‌‌ලෙසත්, කර්මය අවසන්
Read More
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට වෘක්‍ෂයන් තුළින් විශ්ව ශක්‌තිය දරුවාට සම්ප්‍රේෂණය කිරීම උදෙසා වාස්‌තු ශිල්පයේ සඳහන් මූලික කරුණු පහත ආකාර වේ. ඔබගේ නිවසේ මුහුණත
Read More
බ්‍රහ්ම පාදය
බ්‍රහ්ම පාදය හෙවත් මරු සුළිය හෝ මරුසුලම යනු නිවසක ප්‍රධාන මර්මස්ථානය වන අතර ප්‍රධාන වශයෙන් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ඇති වන්නේ මෙම ස්ථානයටයි. තවද වාස්තු
Read More
නමේ මුල් අකුරේ අනාවැකි
බටහිර ජ්‍යොතිෂ්‍ය පොතපතට අනුව එක් එක් අක්ෂර සදහා ජීවිත රහස් A - මෙය නමක මුලකුර වේ නම් යහපත් ගුණාංග හා සිතුවිලිවලින් යුක්ත අයකු වේ.
Read More
ගෘහ අංග ස්‌ථානගත කිරීම
ඉපැරණි සෘෂි දහමක්‌ වන වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ ගෘහය සම්පත් පිරි ගෘහයක්‌ බවට පත්කර ගැනීමට ශක්‌තිය හා ප්‍රඥව ලබා ‌දෙන්නේ ස්‌වභාව ධර්මයාට එකඟව නිවසේ
Read More
විවාහය සහ පොරොන්දම් ගැලපීම
[vc_row][vc_column][vc_column_text] විවාහය යනු ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස්‌ ඇති ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්‌තැන් වීමයි. ජීවන
Read More
මල්වර චාරිත්‍ර
කුඩා දැරියකගේ මුල්ම ඔසප් වීම මල් වරය ලෙස හදුන්වනු ලබයි. ගැහැණු දරුවාගේ ජීවිතයේ සංක්‍රාන්ති කාලයක් බැවින් මේ කාලයේදී “දැරිය” හා “ළමිස්සිය” යන අවස්ථා දෙකටම
Read More
ලග්න වලට සුබ මැණික්
මේෂ ලග්නය මෙම ලග්න හිමියන්ගේ ගුරු මහදශාවක් හෝ අතුරු දශාවක් යන කාළවලදී පුෂ්ප රාග මැණික හොද වාසනාවක් ගෙන අතර ඔවුනට රැකියාව සම්බන්ධ කාරණා වලදී
Read More
ජීවිතයට මැණික්‌
ග්‍රහයන්ට හිමි මැණික්‌  * රවි (හිරු) - පද්මරාග (Pink sapphire)  * චන්ද්‍ර (සදු) - මුතු (Pearl)  * කුජ (අඟහරු) - රතු (Ruby)  * බුධ - පච්ච (Emerald)  * ගුරු
Read More
කාල සර්ප යෝගය
කාල යනුවෙන් හදුවන්නේ කේතු වන අතර සර්ප වශයෙන් හදුන්වන්නේ රාහු ග්‍රහයායි. ඕනෑම කෙන්දරයක රාහු සහ කේතු එකිනෙකින් අංශක 180 කින් පිහිටන්නේ රාහුගේ සහ කේතුගේ
Read More
කුජ ‌භෞම දෝශය
අනාදිමත් කාළයක සිට ජ්‍යොතිෂය සම්බන්ධ පර්යේෂණාත්මක කරුණු වලින් පිළිඹිමු වූ ඉතාමත් ඉහල ප්‍රතිශතාත්මක සත්‍යක් නම් විවාහයට බොහෝ බලපෑම් කළ හැක්කේ අඟහරු ග්‍රහයාට බවයි. සාමාන්‍යයෙන්
Read More
හතර කේන්දරය පාලු වීම
හතර කේන්දරය පාලු වීම යනු කේන්ද්‍රස්‌ථාන (විෂ්ණු ස්‌ථාන) හෙවත් කේන්දරයක 1, 4, 7 සහ 10 යන කොටු තුළ ග්‍රහයන් හෝ කිසිදු ග්‍රහයකු පිහිටා නොමැති
Read More

Thank you for reading!