sihina-palapala-dream-හීන-පලාඵල
සිහින පලාපල ලබා ගැනීම සඳහා පහත බටනය ක්ලික් කරන්න
සිහින පලාපල ලබා ගැනීම සඳහා පහත බටනය ක්ලික් කරන්න
ඉහත බටනය ක්ලික් කිරීමෙන් ලැබෙන කොටුව තුල සිංහල හෝ ඉංග්‍රීසි ඕනෑම භාශාවකින් ඔබ දුටු සිහිනය ටයිප් කල යුතු අතර එහිදී පහලට ලැබෙන මෙනුවෙන් එම සිහිනය දිස් වන්නේ නම් එය තේරූ විට ඔබ දකින ලද හීනයට අදාල තේරුම ඊට පහලින් දිස්වනු ඇත. ඔබ සුබ සිහිනයක්‌ රාත්‍රියේ දුටුවේ නම් එය කිසිවෙකුටත් නොකියා සිතෙහි තබා ගැනීමෙන් එහි ප්‍රතිඵල ලැබීම ඉක්මන් වන බවට සෘෂිවරුන් පවසා ඇති අතර අසුබ සිහිනයක්‌ දුටු විට උදයේ පිබිදුන සැනින් ඒ පිළිබදව කිසිවකුට නොපවසා පැඟිරි ශාකයක්‌ ඉදිරියට ගොස්‌ එම සිහිනය පිළිබඳව පැවසීමෙන් අනතුරුව අන් අය සමග එහි තොරතුරු බෙදාහදා ගැනීමෙන් එකී සිහිනයේ අසුබ ඵල හීන වන බවටද පුරාතනයේ පටන් විශ්වාසයක් පවතී.

ජ්‍යොතිෂ්‍ය සෘෂිවරුන් විසින් පංච පක්ෂීන්ට අනුව රාත්‍රී යාමයේ සිහින දැකීම සහ ප්‍රතිළුල ලැබීම යාම පහකට අනුව අර්ථ දක්වා ඇත. එනම් ප.ව 6.00 සිට රාත්‍රී 8.24 දක්වා වන පළමු යාමයේ දකින සිහින වර්ෂයක පමණ කාලයක් ඇතුලතද, රාත්‍රී 8.25 සිට රාත්‍රී 10.48 දක්වා වන දෙවන යාමයේ දකින සිහින මාස 8 ක පමණ කාලයක් ඇතුලතද, රාත්‍රී 10.49 සිට පාන්දර 1.12 දක්වා වන තෙවන යාමයේ දකින සිහින මාස 3 ක පමණ කාලයක් ඇතුලතද, පාන්දර 1.13 සිට පාන්දර 3.36 දක්වා වන සිව්වන යාමයේ දකින සිහින මාසයක පමණ කාලයක් ඇතුලතද, පාන්දර 3.37 සිට උදෑසන 6.00 දක්වා වන පස්වන යාමයේ දකින සිහින නුදුරේදීම සැබෑ වන බවද පූර්වාචාරීන් ප්‍රකාශ කර ඇත. මීට අමතරව සිහින විමර්ශන ශාස්ත්‍රයේදී (Dreamology) ධාතු ප්‍රකෝප සිහින, අනුභූත පූර්ව සිහින, දේවතෝපසංහාර සිහින, පූර්ව නිමිත්ත සිහින, මිශ්‍ර සිහින ලෙස පස්වැදෑරුම් සිහින ප්‍රභේදද ඇති අතර ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලදී පෙනී ගොස් ඇත්තේ සිහින වර්ග පිළිබදව සැලකීමේදී සෑම සිහිනයක්ම සිදු වීමක පෙර නිමිත්තක් නොවන බවයි.

සිහිනයක් යනු ඔබේ භෞතික ශරීරය නිදා සිටියදී ඔබේ යටි සිත විසින් ජනනය කරන ලද සංවේදී වූ මණරම් අත්දැකීමකි. සංස්‌කෘතික භාෂාවෙන් “ස්‌වප්න” ලෙසත් පාලි භාෂාවෙන් “සුපිනි” ලෙසත් සිහින හඳුන්වන අතර වෛද්‍ය විද්‍යාවට අනුව සිහින දැකීම උඩු සිත හා යටි සිත අතර සිදුවන යම් ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. කෙසේ නමුත් බෞද්ධ සාහිත්‍යයේ සිදුහත් කුමරු මහාමායා දේවියගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිද්ධිය ද බමුණන් විසින් පෙන්වා දෙන ලද්දේ එදා මහමායා දේවිය දුටු සුදු නෙළුම් මලක්‌ හොඬෙන් ගත් සුදු ඇත් පැටවකු දේවියගේ දකුණු ඇලයෙන් කුස තුළට රිංගා ගැනීමේ සිහිනයට අනුවය. බෝසතානන් වහන්සේ ස්‌ථිර වශයෙන්ම බුදු බව ලබන බව තහවුරු කර ගැනීමට නිමිත්ත වූයේද උන්වහන්සේ පෙර දින රාත්‍රියේ දුටු සිහින 5 වේ. එලෙසම මන්ත්‍රී දේවිය දුටු සිහිනය, කොසොල් රජතුමා දුටු සිහිනය ආදී වූ තොරතුරු බුද්ධ ඉතිහාසයේ සිහින පිළිබඳ දැක්‌වෙන පුරාවෘත වලින් ඉදිරිපත් කල හැකි කරුණු කිහිපයක් පමණි. සිහින පිළිබඳව සඳහන් කිරීමේදී ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා මගින් ඔබ වෙත පෙන්වා දෙන්නේ මෙම සිහින පූර්ව නිමිති සිහින ලෙස ජීවිතයේ සැබෑ වූ සිහින වලට අපට ඇති පැරණිතම උදාහරණ ලෙසයි.

සුබ සිහින නැවත නැවත ආවර්ජනය හෝ මතක් කිරීම සිදු කිරීමෙන්ද අදාල හීනයේ ප්‍රබලතාවය අඩු වීමට හේතු වන අතර සිහිනයක් දුටු විට කලබල වීමෙන්ද සිදු වන්නේ අසුබ සිහිනයක ප්‍රතිඵල වෙගවත් වීමත්, සුබ සිහිනයක ප්‍රතිඵල නොලැබී යාමත් වන බැවින් ශුභ හෝ අශුභ කුමන සිහිනයක් දුටුවද කලබල වීම සිදු නොකළ යුත්තකි. කෙසේ වෙතත් සිහිනයක සුභ අසුභ තේරීම ප්‍රහේළිකාවක් තෝරන ආකාරයට කළ යුතු අතර එය තෝරා බේරා ගැනීමේ ශක්තිය නොමැති නම් ඒ පිළිබදව දැනුම ඇති අයෙක් ලවා එය සිදු කල යුතුය. මක් නිසාද අධික සීත හෝ උණුසුම් කාලවලදී දකින සිහිනද, වා පිත් හා සෙම් කෝප කරවනු ලබන ආහාර ගත් විටද බොහෝ බහුබූත හීන දකින්නට ලැබෙයි. තවද මධ්‍යසාර ගෙ ඇති අවස්‌ථාවලදී පෙනෙන හීන මෙන්ම අඩ නින්දේදී පෙනෙන සිහින ද ප්‍රතිඵල ලබා දෙන සිහින ගණයට නොගැනෙන බැවිනි. මීට අමතරව සිතෙහි මවා ගන්නා සිහින උත්සාහයෙන්, උනන්දුවෙන් හෝ කැපවීමෙන් සැබෑ කර ගත යුතු වේ. දවල් කාලයේ දකින සිහිනද ප්‍රතිඵල නොලැබෙන අතර රාත්‍රි කාලයේදී දකිනු ලබන සිහින පමණක් බොහෝ විට සඵල වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්වයි.

බියජනක හෝ අසුබ සිහිනයක් දුටු විට සිතේ ඇතිවන කැළඹිලි තත්වය නැතිකර ගැනීමට ආගමික කටයුතු වල නිරත විය යුතු අතර බෞද්ධයෙක් නම් සුදු නෙලුම් මල් පූජා කර, එළඟි තෙල් පහනක් දල්වා බෝධි පූජා පැවැත්වීම වඩාත් සුදුසු වේ. පත්තිනි මෑණියන් වෙනුවෙන් පුුුද පූජා පැවැත්වීම, කිරි අම්මා දාන මාන වලට සහභාගී වීම සහ රතන සුත්‍රය නිතර කීමද ගුණදායක වේ. මීට අමතරව නපුරු සිහින දැකීමෙන් වැළකීම සඳහා නිතර භාවිතා කළ යුතු වටිනා ගාථා පහත දක්වමු.

යං දුන්නිමිත්තං අවමංගලංච – යො චා මනාපෝ සකුණස්ස සද්දෝ – පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – බුද්ධානු භාවෙන විනාසමෙන්තු

යං දුන්නිමිත්තං අවමංගලංච – යො චා මනාපෝ සකුණස්ස සද්දෝ – පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – ධම්මානු භාවෙන විනාසමෙන්තු

යං දුන්නිමිත්තං අවමංගලංච – යො චා මනාපෝ සකුණස්ස සද්දෝ – පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – සංඝානු භාවෙන විනාසමෙන්තු

In this article, I will introduce the traditional and modern methods of astrological dream analysis (Sihina Palapala) and show you how to easily extend your use of natal charts, transits, and horary astrology to master the art of dream interpretation. Although dream symbols can seemingly have a wide array of meanings depending on the beliefs of who is interpreting them, Astrology allows us to use a known, limited set of symbols – the planets, signs, and houses – to understand them. No special techniques or points are needed, just a very focussed use of astrological symbolism.

While we may never know for certain the exact significance of our dreams, the subconscious mind and the soul often leave messages for you in your dreams. Some of these messages are subtle and easy to miss, others are clear and easy to understand. Enter the art of Dream Interpretation, a practice you can use to tap into and strengthen your intuition

Other methods often don’t take the underlying personality and temperament of the dreamer into account – astrology does. Dreams are basically stories and images that our mind creates while we sleep. They can be vivid. They can make you feel happy, sad, or scared. And they may seem confusing or perfectly rational. Also, dreams are a universal human experience that can be described as a state of consciousness characterized by sensory, cognitive and emotional occurrences during sleep. The dreamer has reduced control over the content, visual images and activation of the memory.

A lucid dream (sihinaya) is one in which you know you’re dreaming. Research shows that lucid dreaming comes with a boost of activity in parts of the brain that are usually restful during sleep. Lucid dreaming is a brain state between REM sleep and being awake. Some lucid dreamers are able to influence their dream, changing the story, so to speak. This may be a good tactic to take sometimes, especially during a nightmare, but many dream experts say it’s better to let your dreams flow naturally. Keep in mind that no matter how scary a nightmare is, it’s not real and most likely won’t happen to you in real life.

A dream is a sensory experience generated by your subconscious mind while your physical body is asleep. Dreams (hina) can be realistic reflections of one’s real-life environment, or they can be complete fantasies. The dream can happen at any time during sleep. But you have your most vivid dreams during a phase called REM (rapid eye movement) sleep when your brain is most active. Some experts say we dream at least four to six times a night.

Dreaming nights have divided into five times by ancient Astrologists. The first period from 6.00 pm to 8.24 pm and the results will happen within a period of one year, then he second period from 8.25 pm to 10.48 pm and the results will happen within a period of eight months, and the third period from 10.49 pm to 1.12 am and the results will happen within a period of three months, the fourth period from 1.13 am to 3.36 am and the results will happen within a period of one month, finally, the fifth period from 3.37 am to 6.00 am and the results will happen within the near time period.

Everyone dreams differently. Some people dream (hinaya) in colour, others in black and white; some dreams contain sound, some are in total silence, some dream from a first-person perspective, others rise above and watch themselves participate in the action. Some dreams recur throughout our lifetimes, others are simply forgotten when we open our eyes in the morning. If you’re lucky, you might have had lucid dreams (heena), the kind where you’re aware you’re dreaming. Some dreams are so good, we don’t want to wake them. Other times, nightmares startle us awake and cause us stress.

Although contemporary astrologers don’t typically consider themselves dream analysts, the fascination for dreams and the need for their interpretation stretches back to the earliest days of astrology. It is sometimes surprising to learn that astrology has a full set of tools ready to deal with dreams (sihina palaapala) and decode their mysteries.

අකුරු කියවීම
දරුවා බහ තෝරණ වියේදී අකුරු කියන්නට දෙමාපියන් විශාල උනන්දුවක්‌ දක්‌වති. එහිදී දරුවකු පස්‌ වස සම්පූර්ණ වීමට ප්‍රථම සුබ වේලාවකදී දරුවාට අකුරු කියවීම කළ යුතුය. බෞද්ධ
Read More
මැණික් භාවිතය  පරිස්සමෙන්
මැණික්‌ කෙනකුගේ ජීවිතය බැබළවීමට මෙන්ම විනාශයට ද හේතු වෙයි. “හෝප් දියමන්තිය” මිනිසුන් විනාශ කළේය. ගමන් මැණික්‌ නමින් විනාශකාරී මිණිකැටයක්‌ ද මහපොළව යට තිබේ. පුද්ගලයාගේ
Read More
ශනි මංගල ‌‌දෝශය
සරලවම කිවහොත් ශනි මංගල යෝගය යනු ඔබගේ ‌කේන්දරයේ සෙනසුරු ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් සංයෝගව එකම ‌කොටුවේ පිහිටීම හෝ සම සප්තමව ‌හෙවත් එකිනෙකට ප්‍රති විරුද්ධව එකිනෙකාට
Read More
ජ්‍යොතිෂය සහ මරණය
බුදුදහමට අනුව සියලුම සතුන්ගේ මරණය චතුර් නිමිත්තකින් සිදු වන බව සඳහන් වෙයි. එනම් ආයුෂ අවසන් වීම නිසා සිදුවන මරණ ආයුඛ්‍ය මරණං ‌‌ලෙසත්, කර්මය අවසන්
Read More
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට වෘක්‍ෂයන් තුළින් විශ්ව ශක්‌තිය දරුවාට සම්ප්‍රේෂණය කිරීම උදෙසා වාස්‌තු ශිල්පයේ සඳහන් මූලික කරුණු පහත ආකාර වේ. ඔබගේ නිවසේ මුහුණත
Read More
බ්‍රහ්ම පාදය
බ්‍රහ්ම පාදය හෙවත් මරු සුළිය හෝ මරුසුලම යනු නිවසක ප්‍රධාන මර්මස්ථානය වන අතර ප්‍රධාන වශයෙන් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ඇති වන්නේ මෙම ස්ථානයටයි. තවද වාස්තු
Read More
නමේ මුල් අකුරේ අනාවැකි
බටහිර ජ්‍යොතිෂ්‍ය පොතපතට අනුව එක් එක් අක්ෂර සදහා ජීවිත රහස් A - මෙය නමක මුලකුර වේ නම් යහපත් ගුණාංග හා සිතුවිලිවලින් යුක්ත අයකු වේ.
Read More
ගෘහ අංග ස්‌ථානගත කිරීම
ඉපැරණි සෘෂි දහමක්‌ වන වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ ගෘහය සම්පත් පිරි ගෘහයක්‌ බවට පත්කර ගැනීමට ශක්‌තිය හා ප්‍රඥව ලබා ‌දෙන්නේ ස්‌වභාව ධර්මයාට එකඟව නිවසේ
Read More
විවාහය සහ පොරොන්දම් ගැලපීම
[vc_row][vc_column][vc_column_text] විවාහය යනු ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස්‌ ඇති ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්‌තැන් වීමයි. ජීවන
Read More
මල්වර චාරිත්‍ර
කුඩා දැරියකගේ මුල්ම ඔසප් වීම මල් වරය ලෙස හදුන්වනු ලබයි. ගැහැණු දරුවාගේ ජීවිතයේ සංක්‍රාන්ති කාලයක් බැවින් මේ කාලයේදී “දැරිය” හා “ළමිස්සිය” යන අවස්ථා දෙකටම
Read More
ලග්න වලට සුබ මැණික්
මේෂ ලග්නය මෙම ලග්න හිමියන්ගේ ගුරු මහදශාවක් හෝ අතුරු දශාවක් යන කාළවලදී පුෂ්ප රාග මැණික හොද වාසනාවක් ගෙන අතර ඔවුනට රැකියාව සම්බන්ධ කාරණා වලදී
Read More
ජීවිතයට මැණික්‌
ග්‍රහයන්ට හිමි මැණික්‌  * රවි (හිරු) - පද්මරාග (Pink sapphire)  * චන්ද්‍ර (සදු) - මුතු (Pearl)  * කුජ (අඟහරු) - රතු (Ruby)  * බුධ - පච්ච (Emerald)  * ගුරු
Read More
කාල සර්ප යෝගය
කාල යනුවෙන් හදුවන්නේ කේතු වන අතර සර්ප වශයෙන් හදුන්වන්නේ රාහු ග්‍රහයායි. ඕනෑම කෙන්දරයක රාහු සහ කේතු එකිනෙකින් අංශක 180 කින් පිහිටන්නේ රාහුගේ සහ කේතුගේ
Read More
කුජ ‌භෞම දෝශය
අනාදිමත් කාළයක සිට ජ්‍යොතිෂය සම්බන්ධ පර්යේෂණාත්මක කරුණු වලින් පිළිඹිමු වූ ඉතාමත් ඉහල ප්‍රතිශතාත්මක සත්‍යක් නම් විවාහයට බොහෝ බලපෑම් කළ හැක්කේ අඟහරු ග්‍රහයාට බවයි. සාමාන්‍යයෙන්
Read More
හතර කේන්දරය පාලු වීම
හතර කේන්දරය පාලු වීම යනු කේන්ද්‍රස්‌ථාන (විෂ්ණු ස්‌ථාන) හෙවත් කේන්දරයක 1, 4, 7 සහ 10 යන කොටු තුළ ග්‍රහයන් හෝ කිසිදු ග්‍රහයකු පිහිටා නොමැති
Read More

Thank you for reading!