පෙර මඟ සුබ නිමිති

පෙර-මග-සුබ-නිමිති-Porondam.lk

දිගා වඩන මෙන් ගුගුරති ගජතුරඟා
රඟා පැපෑ එති යති බොළඳ කොමලඟා
ළඟා පවති මදනල සුවඳ පෙර මගා
“මඟා සතොස බල සුබ නිමිති මනරඟා”තිසර සංදේශය

නල මුසු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රං කෙඩී
සල සුදු සෙමර සේසත් ගිජිදු නොද වැඩි
“බල සුබ නිමිති පෙර මඟ නැකතටත්  වැඩි”සැළලිහිණි සංදේශය

තම තමන්ගේ ‌‌‌‌පෞද්ගලික විශ්වාසයන් ‌කෙසේ ‌වෙතත් ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවාවෙහි ‌මෙම වෑයම බුදුන් දවස සතර ‌පෙර නිමිති ‌මෙන්ම අතීත සං‌දේශ කාව්‍යන් තුලින් පවා සත්‍ය ලෙස පෙන්වා දුන් ‌පෙර මග සුබ නිමිති වලට අනුව සිය ගමන බිමන මෙන්ම ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලට සාර්ථකව මුහුණ දීම තුලින් ඒවායෙහි සුබ ඵල විපාක ඉහලින්ම භුක්ති විදීමට අවශ්‍ය පසුබිම නිරිමාණය කර දීමය.

ශ්‍රවණ නිමිත්ත – ඔබ විසින් සුබ කටයුත්තක් සඳහා හෝ සුබ ගමනක් යාම සඳහා ගෙදරින් එළියට බසින මොහොතේදී සෙත් පිරිත් හඬ ශ්‍රවණය වීමට සලස්වා ගැනීමෙන් සුබ කාර්ය අරඹන මොහොතේදී ජය මංගල ගාථා ගායනා කරවීම ද, මඟුල් බෙර වාදනය කිරීමත් ද, සක් හැඬවීම ද අශුභ ශ්‍රවණ නිමිති වලකා ගත හැකි වේ. මංගල කටයුතු සිදු කරන මොහොතේ දී පෝරු චාරිත්‍ර ඉටු කරන විට පෝරුවට නැඟීමේ සිට අතපැන් වත්කර පෝරුවෙන් බසින තුරු යම් යම් අසුබ වූ හඬවල් ඇසීමෙන් ඇති විය හැකි අසුබ තත්ත්වයන් වලකා ගැනීම උදෙසා මඟුල් බෙර හඬ නැංවීමත් ජයමංගල ගාථා කීමත් අෂ්ඨක කීමත් පුරාණ කාලයේ සිට චාරිත්‍රයක් ලෙස පවත්වාගෙන යන ලදී.

ගත නිමිත්ත – සුබ කාර්ය සඳහා පිටත්ව යාමේදී තමාගේ ඉදිරියට නොපැමිණ හරහට හෝ වෙනත් දිශාවකට යන්නා වූ පුද්ගලයින් හෝ සතුන් දක්නට ලැබීම ගත නිමිත්ත නම් වේ. එබැවින් යන එන මඟතොට අසුබ පෙරනිමිති මඟහැරලා සුබ නිමිතිවලින් වාසනාව ළඟා කරගන්න.

චිත්තාරම්භණ නිමිත්ත – තමන් විසින් සුබ කාර්යයක් ආරම්භයට පිටත්ව යන්නා වූ මොහොතේදීත් එම කාර්ය අරඹන මොහොතේදීත් තම සිතට එන්නා වූ සිතුවිලි චිත්තාරම්භණ නිමිත්ත වේ. ඔබ විසින් කිසියම් ආකාරයක සුබ කටයුත්තක් සඳහා පිටත්ව යන්න සූදානම්වන මොහොතේදීත් එම කාර්ය අරඹන මොහොතේදීත් තමා කරන හෝ යන්නා වූ ගමන සාර්ථක වන ජයක් ලැබෙන බව සිතා සුබ චිත්තාරම්භණ සිතුවිල්ලක් සිතේ ඇති කර ගැනීමෙන් ඔබ නොසිතූ ලෙස ඔබගේ එම කාර්ය ඉෂ්ඨ සිද්ධ වනු ඇත.

මීට අමතරව ගමන ආරම්භයේදීම කුඩා ළමයකු අතින් කෑමට යමක් ලැබුණේ නම් එය ‌බොහෝවිට සතුටුදායක ගමනක් වන අතර සුබපල සහිත කරුණු ඉෂ්ට වන ගමනකි. ගමනේ ආරම්භයේදී ඉදුණු කෙසෙල් ගෙඩි කෑමට ලැබුණේ නම් එයද සතුටුදායක ලාභයක් ‌හෝ ධනයෝග පහළ වන ගමනකි. තවද ගමනක් යාමට සැරසෙන විට කුකුළෙක් හැඬීම, ලේනුන් කෑගැසීම, කුඩා දරුවකු සුරතල් වචන කථා කිරීම, සාදු නාද ආදිය ඇසීම ගමන සාර්ථක වීමට හේතුවෙයි. තවද ගමන සුබ ගමනක්‌ වීමට රාහුකාලය මගහැර ගමන පිටත්වීම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. ජ්‍යෝතිෂයේ ඉගැන්වෙන සුබ පෙර නිමිති පිළිබඳවද යම් හෝ අවධානයක්‌ කර කරන්නේ නම් එය නැකතටත් වඩා ප්‍රබල විය හැකිය. එහෙයින් ඔබ විසින්ම කරුණු කාරණා ගැන සිතා බලා ඔබේ ගමන සුබ ගමනක්‌ බවට පරිවර්තනය කරගත යුතුයි.

යම් ගමනක්‌ යන විට ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ, අශ්වයෝ මෙන්ම ඇතුන් දැකීමද ගමනේදී විපුල පල ලැබෙන පෙර නිමිති වෙති. ඉදුණු පලතුරු, කිරි, මිදුනු කිරි, පිරිසිදු වස්‌ත්‍ර, පිරුණු කළ, මල්, කුඩ, කන්‍යාවෝ මැණික්‌ වැනි දේ පෙර නිමිති වශයෙන් දකී නම් ඒ ගමනෙන්ද ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන බව ජ්‍යෝතිෂ මතයයි. ඔටුනු, සුදු ගවයෝ, කැඩපත්, සිංහාසන, ගිතෙල්, ගෝරෝචන, කුඩා දරුවන්, මංගල ශබ්ද, යහපත් වචන, රාජාලි, රාජයානා දැකීමද ඉතාම සුබ නිමිති වන අතර ඒකී නිමිති දැක යන ගමන සාර්ථකත්වය ඉහල යයි. තවද ගමනක් යාමට සැරසෙන විට කුකුළෙක් හැඬී,ම ලේනුන් කෑගැසීම, කුඩා දරුවකු සුරතල් වචන කථා කිරීම, සාදු නාද ඇසීම ආදිය ගමන සාර්ථක වීමට බොහෝ හේතුවෙයි.

අකුරු කියවීම
දරුවා බහ තෝරණ වියේදී අකුරු කියන්නට දෙමාපියන් විශාල උනන්දුවක්‌ දක්‌වති. එහිදී දරුවකු පස්‌ වස සම්පූර්ණ වීමට ප්‍රථම සුබ වේලාවකදී දරුවාට අකුරු කියවීම කළ යුතුය. බෞද්ධ
Read More
මැණික් භාවිතය  පරිස්සමෙන්
මැණික්‌ කෙනකුගේ ජීවිතය බැබළවීමට මෙන්ම විනාශයට ද හේතු වෙයි. “හෝප් දියමන්තිය” මිනිසුන් විනාශ කළේය. ගමන් මැණික්‌ නමින් විනාශකාරී මිණිකැටයක්‌ ද මහපොළව යට තිබේ. පුද්ගලයාගේ
Read More
ශනි මංගල ‌‌දෝශය
සරලවම කිවහොත් ශනි මංගල යෝගය යනු ඔබගේ ‌කේන්දරයේ සෙනසුරු ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් සංයෝගව එකම ‌කොටුවේ පිහිටීම හෝ සම සප්තමව ‌හෙවත් එකිනෙකට ප්‍රති විරුද්ධව එකිනෙකාට
Read More
ජ්‍යොතිෂය සහ මරණය
බුදුදහමට අනුව සියලුම සතුන්ගේ මරණය චතුර් නිමිත්තකින් සිදු වන බව සඳහන් වෙයි. එනම් ආයුෂ අවසන් වීම නිසා සිදුවන මරණ ආයුඛ්‍ය මරණං ‌‌ලෙසත්, කර්මය අවසන්
Read More
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට වෘක්‍ෂයන් තුළින් විශ්ව ශක්‌තිය දරුවාට සම්ප්‍රේෂණය කිරීම උදෙසා වාස්‌තු ශිල්පයේ සඳහන් මූලික කරුණු පහත ආකාර වේ. ඔබගේ නිවසේ මුහුණත
Read More
බ්‍රහ්ම පාදය
බ්‍රහ්ම පාදය හෙවත් මරු සුළිය හෝ මරුසුලම යනු නිවසක ප්‍රධාන මර්මස්ථානය වන අතර ප්‍රධාන වශයෙන් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ඇති වන්නේ මෙම ස්ථානයටයි. තවද වාස්තු
Read More
නමේ මුල් අකුරේ අනාවැකි
බටහිර ජ්‍යොතිෂ්‍ය පොතපතට අනුව එක් එක් අක්ෂර සදහා ජීවිත රහස් A - මෙය නමක මුලකුර වේ නම් යහපත් ගුණාංග හා සිතුවිලිවලින් යුක්ත අයකු වේ.
Read More
ගෘහ අංග ස්‌ථානගත කිරීම
ඉපැරණි සෘෂි දහමක්‌ වන වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ ගෘහය සම්පත් පිරි ගෘහයක්‌ බවට පත්කර ගැනීමට ශක්‌තිය හා ප්‍රඥව ලබා ‌දෙන්නේ ස්‌වභාව ධර්මයාට එකඟව නිවසේ
Read More
විවාහය සහ පොරොන්දම් ගැලපීම
[vc_row][vc_column][vc_column_text] විවාහය යනු ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස්‌ ඇති ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්‌තැන් වීමයි. ජීවන
Read More
මල්වර චාරිත්‍ර
කුඩා දැරියකගේ මුල්ම ඔසප් වීම මල් වරය ලෙස හදුන්වනු ලබයි. ගැහැණු දරුවාගේ ජීවිතයේ සංක්‍රාන්ති කාලයක් බැවින් මේ කාලයේදී “දැරිය” හා “ළමිස්සිය” යන අවස්ථා දෙකටම
Read More
ලග්න වලට සුබ මැණික්
මේෂ ලග්නය මෙම ලග්න හිමියන්ගේ ගුරු මහදශාවක් හෝ අතුරු දශාවක් යන කාළවලදී පුෂ්ප රාග මැණික හොද වාසනාවක් ගෙන අතර ඔවුනට රැකියාව සම්බන්ධ කාරණා වලදී
Read More
ජීවිතයට මැණික්‌
ග්‍රහයන්ට හිමි මැණික්‌  * රවි (හිරු) - පද්මරාග (Pink sapphire)  * චන්ද්‍ර (සදු) - මුතු (Pearl)  * කුජ (අඟහරු) - රතු (Ruby)  * බුධ - පච්ච (Emerald)  * ගුරු
Read More
කාල සර්ප යෝගය
කාල යනුවෙන් හදුවන්නේ කේතු වන අතර සර්ප වශයෙන් හදුන්වන්නේ රාහු ග්‍රහයායි. ඕනෑම කෙන්දරයක රාහු සහ කේතු එකිනෙකින් අංශක 180 කින් පිහිටන්නේ රාහුගේ සහ කේතුගේ
Read More
කුජ ‌භෞම දෝශය
අනාදිමත් කාළයක සිට ජ්‍යොතිෂය සම්බන්ධ පර්යේෂණාත්මක කරුණු වලින් පිළිඹිමු වූ ඉතාමත් ඉහල ප්‍රතිශතාත්මක සත්‍යක් නම් විවාහයට බොහෝ බලපෑම් කළ හැක්කේ අඟහරු ග්‍රහයාට බවයි. සාමාන්‍යයෙන්
Read More
හතර කේන්දරය පාලු වීම
හතර කේන්දරය පාලු වීම යනු කේන්ද්‍රස්‌ථාන (විෂ්ණු ස්‌ථාන) හෙවත් කේන්දරයක 1, 4, 7 සහ 10 යන කොටු තුළ ග්‍රහයන් හෝ කිසිදු ග්‍රහයකු පිහිටා නොමැති
Read More

Thank you for reading!