Porondam.lk - Help

Help | උදව්


ජ්‍යොතිෂය තුලින් විවාහ සීහුම් පරීක්ෂාවේදී ඔබ දැන ගත යුතු කරුණු

ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් විවාහයකදී විසි පොරොන්දම් පරීක්ෂාවට මුල් තැන දෙනු ලබයි. එබැවින් ජ්‍යොතිෂයේදී පොරොන්දම් පරීක්ෂාවට මුල් තැනක් හිමි වෙන අතර එය ජ්‍යොතිෂයේ ඇති අති දුෂ්කරම කාර්යක් ද වේ.

ස්ත්‍රී හා පුරුෂ දෙදෙනාගේ විසි පොරොන්දම් ගැලපීම සතුටුදායක නම් ඔවුන් දෙදෙනාට සාර්ථක විවාහ දිවියක් ගත කල හැකි බව ඔවුන් විශ්වාස කරයි.

නමුත් පොරොන්දම් පරීක්ෂාවකින් පමණක් විවාහ යෝජිත දෙදෙනෙකුගේ ගැලපුම ගැන හොඳින් පරීක්ෂා කල හැකිද?

පිටතට නොපෙනෙන බරපතල රෝගාබාධ වලට ගොදුරු වී ඇති අය, අධික ලෙස මත්පැන් පානය කරන අය, අධික ලෙස කේන්ති යන අය, අධික ලෙස කාමුක අය, අධික ලෙස ලෝභ අය ගැන පොරොන්දම් පරීක්ෂාවකින් සොය ගත හැකිද? එවැනි අයට සාර්ථක විවාහ දිවියක් ගත කල හැකිද?

මෙවැනි අය ගැන හොඳින් සොයා ගත හැක්කේ අදාල කේන්ද්‍ර දෙක විවිධ ජ්‍යොතිෂ ක්‍රම අනුව හොඳින් පරීක්ෂා කිරීමෙන් පමණි.

එනම් පොරොන්දම් පරික්ෂාව හෝ විසි පොරොන්දම් පරික්ෂාවේ ශුභ අශුභ යනු විවාහ සීහුම් පරීක්ෂාවේ එක් සාධකයක් පමණි.

එම ශුභ අශුභ සාධක තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා ජ්‍යොතිෂයේ සඳහන් වෙනත් පරීක්ෂාවන් ද කර නිගමනයකට පැමිණීම වඩාත් වැදගත් වේ.

විසි පොරොන්දම් පරීක්ෂාවක ශුභ අශුභ මත පමණක් යම් යෝජිත යුවලක් වෙන් වීමට තීරණය කරයි නම් එය වැදගත් තීරණයක් නොවනු ඇත. එයට හේතුව ජ්‍යොතිෂයේ එම අශුභතා මග හැරීම සඳහා විවිධ පිලියම් ද දක්වා ඇති නිසාය.

විවාහ සීහුම් පරීක්ෂාවේදී, විසි පොරොන්දම් පරීක්ෂාවට අමතරව පහත සඳහන් ජ්‍යොතිෂ ක්‍රම වලට දෙදෙනාගේ සීහුම පරීක්ෂාව තුලින් වඩාත් වැඩි ප්‍රතිශතයකින් වඩාත් නිවැරදි සීහුම් තොර‍තුරු ලබා ගත හැකි බව ජ්‍යොතිෂය ‍පර්යේෂෂණ‍ වලින් අනාවරණය වේ.

1. තාජික ජ්‍යොතිෂය අනුව විවාහ සීහුම් පරීක්ෂාව
2. නාඩි ජ්‍යොතිෂය අනුව විවාහ සීහුම් පරීක්ෂාව
3. අෂ්ටක වර්ගය අනුව විවාහ සීහුම් පරීක්ෂාව
4. ජෛමිණි ජ්‍යොතිෂය අනුව විවාහ සීහුම් පරීක්ෂාව

අප ආයතනය මගින්ද ඔබට වඩාත් ගැඹුරු සේවාවාක් ලබා දීමේ අරමුණින් ඉතා උසස් විවාහ සීහුම් වාර්තාවක් හා සීහුම් වල අශුභතා ඇත්නම් ඒවා මග හැරීමට ජ්‍යොතිෂයේ නිර්දේශිත පිලියම් පිලිබඳ තොරතුරු ද ලබා ගැනීමට කටයුතු සලස්වා ඇත.