HOME BLOG පොරොන්දම් හඳහන නැකත් බබාට නමක් උදව් කොන්දේසි අප අමතන්න අප ගැන
×
HOME BLOG පොරොන්දම් හඳහන නැකත් බබාට නමක් උදව් කොන්දේසි අප අමතන්න අප ගැන

රාහු කාලය | සුබ දිශාව | මරු සිටින දිශාව | සුබ වර්ණය

rahu-kalaya-rahukalaya-රාහු-කාළය-2020-2021-2022-2023-2024-2025-2026-2027-2028-2029-2030-අද රාහු කාලය

අද දින රාහු කාලය

2020 ක්වූ මාර්තු මස 30 වන සඳු දින (සඳුදා) සූර්ය උදාව පෙරවරු 06:10 ට සිදු වන අතර රාහු කාලය දිවා රාත්‍රී 07:37 සිට 09:13 දක්වා බල පැවැත්වේ.

සියලුම ජ්‍යොතිෂ්‍ය නැකත් (සුබ මුහුර්ථ) සඳහා ශ්‍රී ලංකාවේ සම්මත වේලාව

සුබ දිශාව
South East | ගිනිකොන
මරු සිටින දිශාව
North West | වයඹ
සුබ වර්ණය
YELLOW | කහ
හෙට දින රාහු කාලය

2020 ක්වූ මාර්තු මස 31 වන කුජ දින (අඟහරුවාදා) සූර්ය උදාව පෙරවරු 06:10 ට සිදු වන අතර රාහු කාලය දිවා රාත්‍රී 03:07 සිට 04:43 දක්වා බල පැවැත්වේ.

රාහු කාලය හැඳින්වෙන්නේ, විශ්වයේ අයහපත් කිරණ ඒකීභූත වන අවස්‌ථාවක්‌ හැටියටය. අප ජීවත්වන පෘථිවිය හා චන්ද්‍රයා ද සූර්යයා වටා භ්‍රමණය වන විට, දල වශයෙන් ගත් කල ජ්‍යොතිෂයට අනුව සූර්යයාගේ කිරණ යම් කැපී යන අවස්‌ථාවක්‌ ඇති අතර එහි එක්‌ තැනක්‌ කේතු බවත්, අනිත් පැත්ත රාහු බවත් ජ්‍යෙතිර්වේදීහු පවසති. පැය 1 1/2 ක කාලයක්‌ තිස්‌සේ පවතින මෙම කාලය තුළදී, අප කරා පතිත වන්නේ අයහපත් කිරණ බවද ඔවුහු කියා සිටිති. රාහු කාලය පවතින වේලාව තුළ කරන වැඩ සාර්ථක නොවන්නේ, එම අයහපත් කිරණ නිසා යෑයි ද සෘෂිවරු පවසා තිබේ. එම කාලය තුළ වැඩක්‌ කළොත්, ප්‍රශ්න, ගැටලු, බාධා, අවහිරකම් සිදු වී අනතුරු පවා සිදු වන්නට වැඩි අවකාශයක් පවතී. විශ්වයේ පවතින අහිතකර කිරණ රාහු කාලයට අයත් වේලාව තුළ ඒකරාශීව පවතින බවද ඒ නිසා ඒ කාලය තුළ යහපත් කිසිවක්‌ නොකළ යුතු බවද දෛවඥයෝ පවසා ඇත්තේ පූරුවේ වාසනාවකට එම කාළය තුල කරන්නා වූ සුබ කටයුත්තක් සාර්ථක විය හැකි නමුත් වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ එම කාලය තුළ යමක්‌ කරන්න ගියොත්, අවහිරතාවක්‌ හෝ බාධාවක්‌ හෝ අනතුරක්‌ හෝ සිදුවන්නට බැරිකමක්‌ නැති තරම් ය.

රාහු චක්‍රයෙ මූලික පදනම වන්නේ ප්‍රහරක කාලයයි. දිනකට ප්‍රහකර කාල 08 ක් ඇති අතර දෛනික පැය 24 අටකට බෙදා ලැබෙන පැය 03 ක් එම ප්‍රහරක කාලයට අයත් වෙයි. මෙම කාලය නැවත දෙකට බදීෙමෙන් පැය 1 1/2 ක කාලය අර්ධ ප්‍රහරක කාලය වන අතර මෙම අර්ධ ප්‍රහරක කාලය පළමු පැය 1 1/2 ක දිනය අදිපතිට හිමිවන අතර දිනය අධිපති පිළිවෙළට අනෙක් ග්‍රහයන්ට ඉතිරි කාලය හිමිවෙයි. එහිදී රාහුගේ ගමන පිසුපසට සිදුවන අතර දවස තුළ රාහු දිශා 04 න් 04 ට පැන යයි. එය රාහු පිම්ම ලෙස අර්ථකතනය කර ඇති අතර ප්‍රහරක කාලය ගණනය කරනු ලබන්නේ දිනයේ ඉර උදාවේ සිට පසු දින ඉර උදාව දක්වා වේ. රාහු පිම්මට අනුව සඳුදා දින පළමු අර්ධ ප්‍රහරක කාලයේ රාහු උතුරු දිසාවේ සිටීයි. රාහුට පිටුපස දිසා 04 ක් පනින බැවින් සඳුදා දින උදේ 07.30 ත් 09 ත් අතර රාහු නිරිත දිසාවට බලවත් බැවින් මෙම කාලය රාහු කාලයයි. එහිදී රාහු බලවත්වම නිරිත දිසාවේ සිටින බැවින් එකී පැය 1 1/2 ක කාලය රාහු කාලය ලෙස හඳුන්වයි.

උදාහරණයක් වශයෙන් සඳුදා උදේ 6 සිට උදෑසන 07.30 තෙක් සඳු ග්‍රහයාට හිමි අර්ධ ප්‍රහරක කාලය උදා වන අතර දෙවන අර්ධ ප්‍රහරක කාලය කුජට අයිතියි. මෙලෙස පිළිවෙළට දිනයට අධිපතියන්ට අනුව බුධ, ගුරු,කිවි, ශනි, රවි ආදී ලෙස ගෙවී නැවත නැවත එය චක්‍රීයව අනෙක් දින ඉර උදාව තෙක් දිනෙන් දින සිදු වෙයි. ඉහත රාහු පිම්මට අනුව සඳුදා දින පළමු අර්ධප්‍රහරක කාලයේ රාහු උතුරු දිසාවේ සිටීයි. රාහු පිටුපසට දිසා 04 ක් පනින බැවින් සඳුදා දින උදේ 07.30 ත් 09 ත් අතර රාහු නිරිත දිසාවේ සැරිසරයි. රාහු නිරිත දිසාවට බලවත් බැවින් මෙම කාලය රාහු කාලයයි. ඒ අනුව රාහු කාලය ගණනය කරෙනුයේ අදාළ දිනයේ ඉර උදාවේ සිට ඉදිරි දිනයේ ඉර උදාව දක්වා වන අතර ඉර උදාවේ සිට සවස ඉර බැසීම දක්වා වන කාලය බෙදා රාහු කාලයට එක් කිරීමෙන් නොවේ.

IF YOU USING THIS PAGE'S INFORMATION YOU ARE AGREE TO OUR TERMS OF USE AND PRIVACY POLICY INCLUDING USE OF COOKIES AND RECEIVE NEWSLETTERS, ACCOUNT UPDATES AND OFFERS SEND BY PORONDAM.LK.