ලග්න-පලාපල-astrology-astrological-signs-porondam.lk

</p> <h4>ඔබගේ ලග්නය පහලින් තෝරන්න</h4> <p>

aries-මේෂ-ලග්නයමධ්‍යම ප්‍රමාණ ශරීරය වේ. දික්වූ බෙල්ලක් බොහෝ විට දක්නට ලැබෙන අතර රැවුල් ‌හෝ ඇස් බැම ද එසේම වේ. හිස කෙස් වැඩිපුර පොකුරු ස්වභාවයක් ගන්නා අතර හා යහපත් අඟ පසඟ වේ. ගමන් කිරීමේදී ස්වල්පයක් නැමී මෙන් නමුත් කඩිසරයි. පිත් අධිකයි බවක් පෙන්වයි. කුජ හිමි සටන් කාමී උණ්ෂ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. අවශ්‍ය දේ වුවමනා වෙලාවට කරන කෙනෙකි. වුවමනා දේ අවශ්‍යම කරන බැවින් එය කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ දරයි. තමාගේ පුද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැප කිරීමට එතරම් කැමැත්තක් නොදක්වයි. කීර්ති ප‍්‍රශංසා ලැබීමට ඇති කැමැත්ත මෙන්ම පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා බොහෝ ජයග්‍රහණ හා ප‍්‍රසිද්ධිය ලබයි. ක‍්‍රියාවෙහි දක්ෂ වන අතර කඩිසර ගති පැවතුම් පෙන්නුම් කරයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත‍්‍රියෙකු නම් තමාගේ ස්වාමියාට හැර වෙන කිසි කෙනෙකුට යටත් පහත් වීමට යටි සිතින් කැමත්තක් නැත. පෞද්ගලිකව කුමන තත්ත්ව පැවතියද සහකාරියට, සහකරුට ඉතා භක්තිවන්ත ස්වභාවය වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙලෙහිගුණ සලකන කෙනෙකු ලෙස පෙන්වා දිය හැකිය. බඩගිනි ඉසිලිය නොහැකි තරම්ය. නිතර ටික ටික කෑම ඕනෑ කරන ස්වභාවයක් පෙන්නුම් කරයි. නිතර ආඩම්බර ගතියෙන් සිටියි. මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාද වලට එතරම් යෝග්‍ය නොමැත්තේ තමාට ජයගන්නට නොහැකි වූ කල්හි ගැටළුවක් මතු කරගෙන හෝ එයින් ජය ගන්නට තරම් සිත් දෙන බැවිනි. එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් ඇති අතර කිසි භයක් සැකක් නැති හෙයින් අවශ්‍ය දේට නොපැකිලෙයි. සුළු සුළු දේවලට කැමති නැති ස්වභාවයක් පෙන්නුම් කරයි. උසස් සිතිවිලිද ඇති හෙයින් විශාල ව්‍යාපාර කටයුතු වලට යෝග්‍යයි. හදිසියේ කරුණු වෙනස් කරන ගති පෙන්නුම් කරයි. යමක් ස්ථිරව කරගෙන යාමට සිතාගත්තොත් එසේම කරයි. රාශි චක‍්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශියක් ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයෙන් ඉපදී සිටී. යුක්ති සහගත නමුත් තුලා ලග්න හිමියන් තරම් ප්‍රබල නැත. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතියත්, සුළු දේ කිරීමට කැමති නැති බවත්ය. උෂ්ණාධික මෙන්ම දැවිලි රෝග, මොලය ආශ්‍රිත අසනීප, බඩේ කැක්කුම්, හිටි හැටියේ සිහිමද ගති, නින්ද නොයාමේ රෝග ආදිය ලෙහෙසියෙන් සෑදෙන රෝග වේ. මේෂයෙන් උපන් අයට ලග්නය මූලික කර පැළඳීමට වඩාත් යෝග්‍ය මැණික් වන්නේ අඹතිස්, දියමන්ති, සුදු හෝ නිල් වේ…


ප‍්‍රමාණයට වඩා තරමක් ලොකු යැයි කිව හැකි පළල් වූ නළලකින් යුත් මුහුණක් සහිත ශරීරයකි. අන් අයට සාපේක්ෂව බෙල්ල මහත්වේ. රළු හිස කෙස් වේ. සිකුරු හිමි වෘෂභ ලග්නයෙන් උපන් අය කෞතුක දේ වලට වඩාත්ම ආශා කරයි. සැම විටම ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය විදහා දක්වමින් ඔප්පු කිරීමට නොනැමෙන තරම් හිතක් ඇති අය වේ. බොහෝ කරුණු කාරණා හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහා යාමක් නොවන තරම් නමුත් එසේ වුනොත් යථා තත්ත්වයට පත්වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගතිද තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට අවශ්‍ය වූ විට ඉදිරිපත් කරයි. යමක් ස්ථිර වන තුරු කරගෙන යාමට උපරිම උත්සාහ දරයි. මිල මුදල් සම්බන්ධයෙන් හා සිය ලෞකික දේ පිළිබදව බොහෝ සුපරීක්ෂාකාරී වෙයි. සිකුරා මෙන්ම වෛවාරන්න ඇඳුම්, පැළඳුම් සහ ආයිත්තම් වලට වියදම් කිරීමට මැලි නොවේ. භූමියට මෙන්ම මල් වැවීමට හිතවේ. අන්‍යයින් උදෙසා වියදම් කිරීමට ටිකක් මැලි වෙයි. තරමක් ලෝභී මෙන්ම මුදල් ගනු දෙනු වලදී බොහෝ ප‍්‍රවේසම් වෙයි. කඩිසර කමක් තරමක් පහල වුවත් නොනවත්වා වැඩපල කරගෙන යාමට සමර්ථ වේ. විරුද්ධකාරයා ඉදිරියේ දනින් වැටී නැමෙන්නෙක් නොවේ. ස්වභාවික දර්ශනයන්ට බොහෝ කැමැත්තක් දක්වයි. නගරබද ජීවිතයට වඩා කලාත්මක හෝ ස්වභාව ධර්මයට අනුකූල ජීවිතය යහපත් සේ සිතයි. කරුණු ඇතුව කථාවට බොහොම හොඳයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමිතිකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා බොහෝ දේ දන්නා කෙනෙක් සේ සිතයි. සිතුවිලි ලෞකික පැත්තට බොහෝ බරවේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභ කමත් සැප පහසුව තකා ඕනෑවට වඩා ජයගැනීමට තිබෙන ආශාවත්ය. එනිසාම අන් අයට සාපේක්ෂව සතුරෝ ඇතිවේ. සෙම් අධික බැවින් සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔලූවේ, බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ ආබාධ, පීණස, ඇදුම, සෙම් ගෙඩි සෑදීමට වැඩි ඉඩකඩක් පවතී. කල්යාමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, වතුර වැඩිකම පිළිබඳ රෝග මෙන්ම ලේ නහර පිපිරීම, පණ නැතිවීම ආදී රෝග සෑදේ. වෘෂභයෙන් උපන් අයට ලග්නයට අනුව ගැලපෙනුයේ පච්ච ගල් පැළඳීමයි…


දික් වූ අත පය සහිත උස් වූ සම්පූර්ණව වැඩුණු ශරීරය ඇති අලංකාර දේහ විලාසයක් බොහෝ විට පෙන්නුම් කරයි. තාලයට මෙන් ගමන් කරයි. පැහැදිලි වචන වෙයි. නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇති මෙන්ම මනුෂ්‍ය වර්ගයා පිළිබදව මානුෂික ගතිය හා දයාව ද ඇත්තේ වෙයි. ඒ ඒ වෙලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. දක්ෂ චින්තනයක් නොමැති හෙයින් කථාවෙහි දී සෑම දෙයක්ම දන්නා කෙනෙකු මෙන් පෙන්වීමට මෙන් කතා කරන අවස්ථා ඉහල වේ. නිතර නිතර තිතර අදහස් වෙනස් වන නිසාම පටන්ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. කරන කියන බොහෝ දේ පරස්පර විරෝධී වේ. බුද බලවත්ව යහපත් තැනක සිටියොත් පමණක් දක්ෂ කථිකයෙකු හෝ කලාවට බර වීමට ඉඩ තිබේ. නිතරම වෘත්ති දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි. බොහෝ විට විරුද්ධ ලිංගිකයන් නිසා හානියට පත්වීමේ අවස්ථාවන් ඉහල වේ. නවයේ පාපයෙකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප‍්‍රියවේ. වැඩෙහි යෙදී සිටින තුරු ඒ වැඩෙහි දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත‍්‍රත්වය ඇති කෙනෙකු බැවින් යහළුවන් අනවශ්‍ය ලෙස විශ්වාස කිරීම තුලින් අපහසුතාවයන්ට පත් වේ. කලින් පළපුරුද්දක් නැති අමුතුම වැඩක වුවත් නොපැකිල යෙදීමට තරම් අන් අයට වඩා ඒ් සම්බන්ධයෙන් දක්ෂ වේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතර මග අත හැර දැමීම හේතුවෙන් අලාබ හානි සිදුකර ගැනීමත්, දවසින් දවස අදහස් වෙනස් කිරීමත් මෙන්ම නිස්කලංක භාවයක් නැතිකමත් වේ. පෙනහැල්ලේ රෝග, නිව්මෝනියා, ඇදුම, බ්‍රොන්කටයිට්ස් වැනි සෙම් රෝගය ආදී පපුව ප‍්‍රආශ්‍රිත රෝග හා බාහු වල වාත රුදාව ද වැඩිපුර යොදුරු වීමට ඉඩ ප්‍රස්ථාව පවතී‍. මිථුනයෙන් උපන් අයට ලග්නය මූලික කර ඇක්වා මැරීන් හෝ ලා නිල් ගල් පැළඳීම යහපති…


තරමක් දික්වූ අවයව සහිත මධ්‍යම ප‍්‍රමාණ සිහින් ශරීරය වෙයි. සෞම්‍ය පෙනුම ඇති ප‍්‍රියමනාප මුහුණ වේ. වේ. සියුම් සම හෝ සිවුමැලි ශරීරයක් ඇති කෙනෙකි. අන් අයට සාපේක්ෂව රළු දේවල් පරිහරණය කළ නොහැක. කටක ලග්නය උත්තරායනයෙහි උසස්ම තැන ඇත්තා වූද, හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයෙන් උපන් අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වේ. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට අවනතවේ. ක‍්‍රියා සූර මෙන්ම අන් අයට සාපේක්ෂව උදාර අදහස් ඇති සෘජු අදහස් ඇත්තෙකු වේ. සඟවන රහස් ඉතා අඩුවේ. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වේ. නිර්භීත සේම අනවශ්‍ය දේ සම්බන්ධයෙන් භයගුලූ ද වේ. එබැවින් විපතට දුරදීම භයවන්නෙකි. එලෙසම මිත‍්‍රයන් ඇතිකරගන්නාක් මෙන්ම නැතිවෙති. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහි ද තමාට වඩා පහත් අය කෙරෙහි ද දුර්වල පක්ෂය මෙන්ම ස්ත‍්‍රීන් කෙරෙහි ද හිතවත් වේ. සියලූ දුක් කරදර නඩුහබ නින්දා අපහාස මධ්‍යයේ වුවත් ප‍්‍රකට භාවයට පැමිණේ. ඉවසිලි ගතිය අඩුමුත් තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතන අය උස් පාත්වන ධනය හා තත්ත්වය ඇති විශාල ධනස්කන්ධයකට හිමිකම් පාන අය වේ. වෘත්තීමය කටයුතු ද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසු වේ. චන්ද්‍රයා ලග්නයේ නම් බොහෝ කොටම එසේම වේ. ආගමික දහමට මහත් ප‍්‍රිය වේ. අවවාද දීමට අති දක්ෂයෝය. අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන එතරම් සලකා ආරක්ෂා නොවේ. ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ පුුරුෂයෝ මේ ලග්නයේ ඉපදී සිටියහ. ඉරුගේ උත්තරායන ගමනේ මුදුන බැවින් ලෝකෝත්තර අදහස් ප්‍රබල වේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලි කමත් උස් පාත්වන තත්ත්වයත්ය. ගලනාලයේ ආමාශයේ අසනීප, ග‍්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බඩ පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ. කටකයෙන් උපන් අයට ලග්නය මූලික කරගෙන පච්ච හෝ දියපච්ච ගල් පැළඳීම යහපති…


සිහින් උදරය සහිත පළල් වූ උරහිස් වලින් යුත් සම්පූර්ණ වැඩුණු තේජවන්ත පෙනුමක් ඇති බව කිව යුතුය. හිසද තරමක් විශාලය. රත් පැහැ සම වේ. ආඩම්බර වේ. රවි හිමි සිංහයෙහි උපන්නේ දැඩි ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති එඩිතර ගති පැවතුම් ඇත්තෙක් වේ. චිත්ත ධෛර්ය නිසාම විපත් වලින් මිදීමට බොහෝ උත්සාහ දරයි. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැරෑරුම් කටයුත්තක් කිරීමට හැකියාව ඇත. බලාපොරොත්තු ඉහල නිසා සුළු වැඩ හා සුළු වැඩ කරන්නන් මෙන්ම එවැනි කටයුතුද නුරුස්සයි. ආ ගිය තැන ප‍්‍රධානත්වය දැරීමට සිතයි. අවසාන මොහොත දක්වා වෙනස් නොකරණ හිත නිසා බොහෝ තැන්හි මූලිකත්වයට හා ප‍්‍රසිද්ධියට පැමිණේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍ර, කාව්‍ය ශාස්ත‍්‍ර, චිත‍්‍ර කර්මාන්තාදියට හිතයි. ඒවායේ ද දක්ෂයෝද වෙයි. සිහි කල්පනාවෙන් යුක්තව ක‍්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි. කෙනෙකුට පළමුවෙන් තමා වරදක් නොකරන හෙයින් අඹුදරු ආදීන්ගේ පවා වරදක් තමාගේ වැඩිහිටියෙකු වුවත් පෙන්වනවාට කැමති නැති තරම්ය. ප්‍රධානීන්ට පාක්ෂපාතී හෙයින් අන්‍ය්‍යනගෙන් ගරු බුහුමන් නිරායාසයෙන් ලැබේ. හරි හෝ වැරදි තමා ගත් අදහසම ක‍්‍රියාවේ යෙදීමට උත්සාහ ගන්නා ගතියක් තිබේ. බඩගිනි ඉසිලීමට දක්ෂ වේ. දැඩි මතදාරී පාලකයෝ මේ රාශියේ ඉපදී සිටි අතර ඒ ආකාරයෙන්ම අදහස් ක්‍රියාත්මක වන ගති පැවතුම් ඇති පරාජයට හිත නොදෙන ගති පැවතුම් සිංහයෙන් පෙන්නුම් කරයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමාගේ තීන්දුව වෙනස් නොකිරීමට මෙන්ම අන්තිම හෝ බරපතල තීන්දව දීමට ඇති ආශාවත් වේ. හෘදයේ හා කොඳු ඇටයේ රෝගවලට වැඩිපුර භාජනය වෙයි. වැඩි වියේදී වකුගඩු රෝග මෙන්ම මුත‍්‍ර රෝග ද සෑදීමට වැඩි ඉඩක් ඇත. සිංහයෙන් උපන් අයට ලග්නය අනුව තනි රතු, දියමන්ති හෝ බෙර්ලියන්තු පැළඳීම යහපති…

වයසට වඩා තරුණ පෙනුමක් ඇති කුඩා හෝ මධ්‍යම ප‍්‍රමාණයෙන් යුත් සියුමැලි ශරීරය වේ. වේ. විටෙක කඩිසර ගමන් විලාසයක් සහිත ලෙලදෙන කට හඬකින් යුක්ත වේ. ඥානයට අධිපති බුධහුගේ උච්චරාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උපතින්ම ලැබේ. බොහෝ අනුකම්පා සහගත නමුත් අනුන්ගේ දොස් දකින ස්වභාවයක් පෙන්නුම් කරයි. ආත්ම විශ්වාසය අඩු බැවින් ඉතා ප‍්‍රවේසම් සහිත වෙයි. අනවශ්‍ය කලබල ගතියක් ඇති හෙයින් සුළු සුළු කටයුතු වලදී පවා වැඩ වරද්දා ගන්නා අවස්ථා නැතුවා නොවේ. යමක් කීමේදී ඉතා සුළු දේ පවා බොහෝ සේ විස්තර කර නැවත නැවත කියයි. ගෙදර දොර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිත වේ. ගේදර දොර බඩු බාහිරාදිය පවා නියම ක‍්‍රමානුකූලව තබා ගැනීමට සිතයි. ලියකියවිලි මෙන්ම තමාගේ බඩු බාහිරාදියද ඉතා ප‍්‍රවේසම් සහිතව පිළිවෙලට තබාගනී. තවද වුවමනා නැති සුළු දේවල් වලට පවා කාලය ගත කරයි. ලොකු දේ අතපසු කරයි. දීමට යම් කැමැත්තක් ඇත. රසැති ප්‍රිය ජනක ආහාර පාන ගැනීමට ප‍්‍රිය වේ. මිත‍්‍රකම් කල් පවත්වා නොගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. නිරෝගි නමුත් නැති ලෙඩට බොහෝ භිය වී අනවශ්‍ය ලෙස ඖෂධ ගැනීමට පෙළඹෙයි. පොළවට හිත දෙන අතර වැවීමට කැමැත්තක් ඇත. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් කමින් වේ. හිතනවාට වඩා වැඩ කරන අවස්ථා බොහෝ වෙයි. රාහු කන්‍යා ලග්නයේ සිටී නම් මේ ගති බොහෝමයක්ම මෙසේම වේ. කේන්දරයේ බුද බලවත් නම් වේගවත් වචන හෝ සිනහ බස් හෝ කවට බස් අධික වේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අවශ්‍ය දේ පිළිබද විශ්වාසය නොතැබීමත් සහ ඉතා සුළු දේවල්වල ඇඟිලි ගැසීමත් මෙන්ම අනුන්ගේ දොස් සෙවීමත් වේ. ආමාශයේ රෝග වලටත් සාමාන්‍ය ශරීර ශක්ති අඩු වීගෙන යන රෝග වලටත් ලෙහෙසියෙන් භාජනය විය හැක. කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ ලා පාට ගල්, පත්ම රාග ලග්නයට අනුව පැළඳීම යහපත් වේ…

උස් වූ සාමාන්‍ය ප‍්‍රමාණයට වැඩුණු දේහයකි. තියුණු ඇස් සහිත ප‍්‍රියජනක පෙනුමක් ඇතිවෙයි. මධ්‍යම වයස එළඹෙත්ම තට්ටය සෑදීමේ වැඩි ඉඩ ප්‍රස්ථා ඇතිවේ. සෘජු ගති ඇති අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් සහිත කෙනෙකු බොහෝ විට පිළිඹිමු වේ. මෘදු මිහිරි ගතිය නිසා නිතර අන් අයට ප‍්‍රියජනක ස්වභාවයක් අති වේ. සහයෝගීතාවයට, කරුණාවන්ත කරමට මෙන්ම විශේෂයෙන් යුක්තියට ගරු කරන්නෙකු වෙයි. උසස් සිතිවිලි ඇති හෙයින් සමාදානයට ඉතා කැමති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතුර්යයත් උපන් දායාද මෙන් ලැබී තිබේ. අන් අය අවබෝධ කර ගැනීමට කලින් යමක් පෙනෙන ඥානයක ඇත්තෙක් වේ. තරහ මරහ ඉතා ඉක්මනට සංසිඳේ. කෞශල්‍යයට ආශා කරයි. ව්‍යාපාරයන්හි දක්ෂ වේ. යුක්ති පසඳීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳීමට උපරිම උත්සාහ දරයි. මේෂ ලග්නකාරයා මෙන් නොව තමාගේ පුද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට තුලා ලග්න කාරයා එතරම් කැමමැත්තක් නොදක්වයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි. ස්වභාවික සංදර්ශනයට ප්‍රිය වෙයි. වාද විවාදයේදී පවා සමාදානයට ගරු කරයි. සමාජයට හිත වේ. ඇවිදීමටද හිතවේ. ජන සේවයේදී මූලිකවය බලාපොරොත්තු වන බව පෙනේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනාගැනීමට සමත් වේ. මනුෂ්‍යත්වය ඉතා ගරු කොට සලකයි. ලෞකික ලෝකෝත්තර ගති පැවතුම් දෙවිදිහටම ප්‍රියව සිටියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෞතුක දේට ආශාවත් නිතර ප‍්‍රීති වීමේ ආශාවත් මෙන්ම සාමදානය අගය කරනු වස් තීන්දුවලට නොබැසීමත්ය. වකුගඩු රෝග ඇපැඩිසයිටිස්, කටීවායු හෙවත් තුනටියේ වාත රෝග, මුත‍්‍රාශයේ රෝග වලට වැඩි වශයෙන් භාජනය විය හැක. තුලාවෙන් උපන් අයට ලග්නය මූලික කර පළදිනවා නම්  බෙර්ලියන්තු, දියමන්ති, සුදු හෝ නිල් පැළඳීම යහපති…

නිරෝගීව යහපත් සේ වැඩුණු අවයව වේ. බොහෝ විට වකුටු හිසකෙස් වේ. කඩිසර නිර්භීත කෙනෙකු වෙයි. රහස් නැති තරම්ය. අවහිරයට පයින් ගසා මෙන් තමාගේ අවශ්‍යතාවයට ඉදිරියට යන ගතියක් තිබේ. සාරවත් හිතක් ඇත්තෙකි. ඥානවන්ත බැවින් ධෛර්ය නැතිකර නොගනී. කඩා වැටුණු තැනින් වහා ගැලවුමක් ඇතිකිර ගන්නෙකි. උසස් මෙන්ම ආඩම්බර ගතියක්ද නැත්තේ නොවේ. අන් දේ පිළිබදව ගුණ දොස් විවේචනයට බොහෝ ප‍්‍රිය බැවින් අන්‍යයන්ගේ අදහස් ක‍්‍රියා ආදියේ දොස් මනාව පෙනෙනවා සේම ඒ සම්බන්ධව අනවශ්‍ය ලෙස කතාකරන්නට ගොස් නිකරුනේ අසතුටුකම්ද සාදා ගනී. ක‍්‍රියාවෙහි දක්ෂ නමුත් මේෂ ලග්න කාරයා තරම් නොමැත. නොයෙක් දෑ දුටු හැටියේ කළ හැකි වෙයි. ලෟකික රැස් කිරීම් අනවශ්‍ය ලෙස තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සොයා බැලීම් වලටද ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත් වලට කැමති වුවද ඒවා බිඳ දැමීමටද සමත් වේ. වැඩි වශයෙන් තමාගේ කටයුතු පමණක් බලාගෙන ක‍්‍රියා කරන ගතියක් තිබේ. වෘශ්චික ලග්නයෙහි උපන් අය ආගිය තැන කැපී පෙනෙන ස්වභාවයක් පෙන්නුම් කරයි. යමක් උඩින් පල්ලෙන් පිළිගනොගන්නා අතර හොඳට අවබෝධයෙන් පසුව පිළිගනී. තමාගේ දක්ෂ භාවයෙහි ඇති ආත්ම විශ්වාසය නිසා බොහෝ කටයුතු, මම ඒක වෙලාවට කරනවා යැයි සිතා අන්තිම මොහොත දක්වා කල් දැමීමේ ස්වභාවයක් පෙන්නුම් කරයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට නිදහසේ දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක‍්‍රීඩා ආදියට ඇති  අනවශ්‍ය ආශාව හා තරමක කුඩුකේඩු කමත්ය. මුත‍්‍රාශයේ හා ගර්භාෂයේ රෝග, මුත‍්‍ර ගල් හා ඉක්මනින් ඇති වන රෝග ආදියය වහා ගොදුරු වෙයි. වෘශ්චිකයෙන් උපන් අයට ලග්නය මූලික කර පුෂ්පරාග හෝ කහපට ගල් පැළඳීම යහපති…

විටෙක විට ප‍්‍රමාණයට වඩා උස් වූ සම්පූර්ණ ලෙස වැඩුණු ලස්සන ශරීරාංග සහිත කෙනෙකු වේ. උස් දික් නාසය සහ පළල් නළලක් සහිත වේ. රන්වන් මෙන් හිසකෙස් සහිත රතු පැහැ සම වේ. ගුරු හිමි ධනු රාශියේ උපන් අය අන් අයට සාපේක්ෂව ත්‍යාගිවන්තය. පෘථුල අදහස් ඇතිව කෙලින් වැඩ කරයි. උසස්විමේ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිගරුකභාවය සත්‍යවාදී භාවය ධර්මිෂ්ට භාවය යන උතුම් ගති හා වාසනා ගතියෙන් යුතු අතර වචන ආඥා මෙන් වේ. ක‍්‍රියා ධෛර්ය ගන්වන සුළු මෙන්ම භයානක ද වේ. යුක්තිය දිවි මෙන් සලකයි. වෙන කෙනෙකුට හෝ අයුක්තියක් වනවා ඉවසිය නොහැකිව යුක්තිය ඉටුකර දීමට ඉදිරිපත් වෙයි. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර විය හියදම් දරා වැඩක කරනවා මෙන්ම තවත් වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටීමේ ගති දෙකම පවතී. ඕනෑම අලූත් දෙයක් ධනු ලග්න කාරයාට කළ හැකි අතර බාරගත් දෙය කිරීමට දරන ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය ඉහල නිසා නීත්‍යානුකූල නුවූ දේ නොකරන අතර අන්‍යන් නිසා මිස ඕනෑ කමින් නීති මගට නොබැසීමටත් හැකි සෑම විටම ඉන් බේරීමට ප්‍රයත්න දරයි. පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදී ඉක්මනට අවසාන් කිරීමට උත්සාහ දරයි. උසස් දේ ඉගෙනීමට ආශා කරයි. කරන කියන දේ ඉහලින්ම කිරීමට සිතෙයි. නිදහසට ගරු කරයි. අන්‍යයන් ගෙන් නොරැවටීමට තරම් ප‍්‍රවේසම් වෙයි. කඩිසරකම ද ක‍්‍රියා කාරීත්වය ද ගතිය යහපත් බැවින් එය ව්‍යාපාරයෙහි දියුණුවට පහසුවක් වෙයි. සෙල්ලම්වලට කැමති නමුත් බොහෝ විට නිහතමානී චාම් ජීවිතයට වඩා නැඹුරු වෙයි. ගනුදෙනු වලදී අන් අයට වඩා පරිස්සමෙන් කරන ගතියක් තිබේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නුවමනා අවිශ්වාසයත් ප‍්‍රවේසම් නොවීම නිසා භයානක දේට මූණපෑමත් මෙන්ම හදිස්සියේ අදහස් වෙනස් කිරීම නිසා හදිසි කරදර වලට භජනය වීමත්ය. ධනු ලග්නයට චන්ද්‍රයා අටේ සිටීම බොහේ සේ හොඳ නැති අතර ශනි පහේ සිටීම බොහෝ ගුණ දෙන පිහිටීමකි. තුනටියේ හා ඒ අවට ප‍්‍රදේශවල රෝග මෙන්ම රක්ත වාතය, නියම ක‍්‍රමානුකූලව ශාරීරික ක්‍රියාවලිය වැඩ නොකිරීම, උගුරේ හා සෙම් නාලයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම, කකුල්වල කළු ලේ නහර මතුවීම ආදියට වුඩියෙන් ගොදුරු වේ. ධනුවෙන් උපන් අයට කොල නිල් මිශ‍්‍ර ගල් ජාති  මෙන්ම පසිංගල් හෝ ඝන පච්ච වර්ග ලග්නය මූලික කර පැළදීම යහපති…

සිහින් හෝ දුර්වල ස්වභාවයක් ගන්නා ශරීරය වේ. හීන් මුහුණක්ද වන අතර හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ සිටී නම් ශරීරය මහත් වේ. ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තේ බලය ලබාගැනීමේ ආශාව බොහේ සේ ඇත්තෙක් වන අතර ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවේ. සියුම් සිතිවිලි අඩු අතර ක‍්‍රියාත්මක ගති වැඩිරාජකාරිය ඉහලින් සලකන කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය අන් අයට සාපේක්ෂව ඉහලින් බල පවත්වයි. ඒ වෙනුවෙන් බොහෝ දුර දිග කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු ඒ පිළිබදව විශ්වාසයෙන් තොර වේ. කම්කටොලූ විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග‍්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තේ කම්මැලි කමින් නිකරුනේ කාලය ගත නොකරන අතර පිටතට නොපෙන්වුවද ලෞකික ආශාවන් ඉතා බලවත් වේ. අර්ථ ශාස්ත‍්‍රය පිළිබඳ නුවන හෙවත් අයවැය බලාම කටයුතු කිරීම ප‍්‍රධාන වෙයි. මුදල් වලට ඇති ලෝභීත් ලබා ගැනීමට ඇති ආශාව නිසාත් තරමක මසුරෙකුගේ ගතිගුණ නිරායාසයෙන්ම අන්‍යන්ට දිස්වීමට ඉඩ ඇත. තමන්ගෙන් අන් අයට වන අඩුලුහුඩුකම් ගැන තැකීමක් නොකර අන්‍යයන්ගේ සුළු දේ පවා ලොකුකර වෙනත් අය ඉදිරියේ කතා කරයි. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරිය හැකි අතර පාලන ශක්තියක්ද තිබේ. විපතේදී පවා අන්‍යයන් ගෙන් උදව් ඉල්ලීමට මැලි ආඩම්බර ගතියක් ඇති හෙයින් අඳුරු මලානික කාල රහසේම පසුකරන්නට සිදුවේ. දිනන්න දිනන්න ඉදිරියට යන්නාක් මෙන්ම පරදින විට නොපෙනී සැගවී සිටීමට සිතයි. කථාවෙන් උපරිම දක්ෂ වෙයි. කරන සෑම දෙයකින්ම යම්කිසි ලාභ ප‍්‍රයොජනයක් ගැනීමට සිතන නිසාම කල් යත්ම සිතන තරම් මිත‍්‍රයෝ අඩුවෙති. බර වැඩට යෝග්‍ය නොවන මුත් හා පෙරමුණෙහි යන වැඩට මෙන්ම දේශපාලන කටයුතුවලට යෝග්‍යයි. මකර ලග්නයේ උපන් අය බොහෝ පොළොවට ආශා කරයි. උසස් සිතුවිලි එතරම්ම නැත. සියල්ලක්ම ලෞකික වූත් ක‍්‍රියාත්මක වූත් දේවල් විය යුතු යැයි නිතර සිතයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ඕනෑවට වඩා මනසට බරක් වී වැඩ කිරීමත් තරමක ලෝභ කමත්ය. සමෙහි රෝග හා වාදන් රෝග, දණහිස් කෙණ්ඩා වල රෝග, ලේ අඩුකමින් පිපිහලූවීම්, රක්තවාතය, හන්දි කැක්කුම, වාත රෝග, රක්ත රෝග ලෙහෙසියෙන් සෑදීමේ අවකාශ පවතී. මකරයෙන් උපන් අයට ලග්නය මුල්කරගෙන චන්ද්‍රකාන්ත ගල් පැළඳීම යහපති….

වර්ණවත් හිසකෙස් ඇති ප‍්‍රිය මුහුණ වේ. මධ්‍යම ප‍්‍රමාණ ශරීරයක් වේ. කාරුණික පෙනුමෙන් යුක්ත වේ. ස්වභාවික තත්වයට ගරු කරන මනුෂ්‍ය ගති ඇත්තෙකි. ගැඹුරු දේ ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. දක්ෂ මායම්ද විද්‍යාවන්ද දනී. මානව ශාස්ත‍්‍ර ඉගෙනීමෙහි දක්ෂ වේ. හොඳ මිත‍්‍රයන් ආශ‍්‍රය කරයි. නියම මිත‍්‍රයෝ කවුරුද යනු අඳුනා ගැනීමෙහි සමර්ථ වේ. කරන කියන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන සිදු  කරයි. ප‍්‍රවේසම, ඉවසීම, හිතේ එකඟකම, ඔහුගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක‍්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත වුනේ වී නමුත් අලූත් දේ පිළිගැනීමට ප‍්‍රමාද වෙයි. ධාරන ශක්තිය ඇත්තෙකු බැවින් වරක් කළ කී දේ මතක නැති කර නොගනියි. පරීක්ෂණ කටයුතු වලට යෝග්‍ය වේ. ලෝකය සාමාන්‍ය ජනයාට යන මතය තදින් දරන්නෙකි. ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් ඔවුන්ගේ යහපත පිණිසත් වැඩ කරයි. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගති ගුණ ඇතුළත තිබෙන කෙනෙක් වෙයි. හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක‍්‍රියා කිරීමට ධෛර්යයක් තිබේ. බොහෝ විට කුම්භ ලග්නයේ උපන් අය ජය ලබන්නේ අන්තිමේදීය. තමාගේ පිරිසට තද ඇල්මක් ඇති කෙනෙක් වෙයි. දාර්ශනික හෝ සිත මූලික වූ ක්‍රියා වලට ආස කරන අතර අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලටද පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරන අතර ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස යෙදවීමට සිතයි. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් සිය ආත්ම ලාභයටම ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ කුම්බ ලග්නයෙන් බිහි වෙයි. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට හෝ ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කිරීමට උත්සුක වෙයි. නැතිනම් එවැනි ස්ථාන වල වෘත්තියෙහි යෙදෙයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතු හානි වීමත් එමගින් අඳුරු කාලවලට මුහුණ පාන්ට සිදුවීමත් මෙන්ම ඉදිරියට පැනයන ගතිය අඩු වීමයි. තවද ලෞකික දේට හිත යොමු නොකිරීම නිසා විටක ඇතිවන කම්මැලි ස්වභාවය වේ. කකුල් වල පහළ සන්ධිස්ථාන අත්වල මැණික් කටු සන්ධිස්ථාන ආදියේ වේදනා රෝග හෝ ඉදිමීම, ලේ නහර මතුවීමෙන් සෑදෙන රෝග, හෘද රෝග හමේ රෝග හා ඇස් රෝග වලට ලෙහෙසියෙන් ගොදුරු වේ…

කුඩා අතපය ආදී අවයවයන් ගෙන් යුත් මිටි තරබාරු බුරුල් මස් සහිත ශරීරයක් බොහෝවිට වෙයි. උරහිස් පටුය. උකුල ප‍්‍රදේශය පළල්ය. විටෙක ප‍්‍රමාණයට වඩා ලොකු බබලන ඇස් වේ. දිළිසෙන මෘදු සේද වැනි හිසකෙස් වෙයි. මධ්‍යම වයසෙන් පසු ඇඟ බෙරාලා දයි. බාල කාලයේ කඩිසර නමුත් වයසින් මෝරත්ම උදාසීන ගති පෙන්නුම් කරයි. සංදර්ශනීය සහිත සෘජු කෙනෙක් වෙයි. උණුවන හිතක් ඇති අන්‍යයින් ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙන ගතියක් පෙන්නුම් කරයි. අමුතු අමුතු අදහස් වලට හා අලූත් අලූත් දේවලට හැරෙන ගතියක්ද තිබේ. ප‍්‍රීතියට රස ආහාරයට රසාස්වාදනයෙන් කල් ඇරීමට කැමති වෙයි. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. ලෝකෝත්තර දේම ප්‍රධාන කොට සලකයි. මිථුන ලග්න කාරයා මෙන් නොවුනද, කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. කරුණාවන්ත ගති ඉහල බැවින් දුගියෙකුට යමක් දීමේදී පවා රෝගියෙකුට සංග‍්‍රහ කිරීමේදී පවා ඔවුන්ගේ හිත රිදෙන අනවශ්‍ය දේ නොවිමසීමට උපරිම උත්සාහ දරයි. සමාව දීම මීන ලග්නකාරයාගේ ප‍්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. මහජන සේවයට ඇති අධික ආශාවක් ගරු නම්බු තෑගි බෝග පිළි නොගන්නා ගතිත් ආත්මාර්ථය නොසැලකීමත් නිසා මෙලොව සැප සම්පත් දියුණු වන්නේ හෙමිහිටය. බොහෝ විට ආත්ම පූජාවන් අධික ත්‍යාගිවන්ත භාවයත් නිසා තමා දිලින්දෙකු හෝ තමාට අකටයුතුකම් සිදු වී අලාබ හානි සිදු වීමට ඉඩ ප්‍රස්ථා පවතී. මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදා නොබිඳේ. සතෙුකු වුවත් දුක් විඳිනවා තමාට ඉවසිය නොහැකි අවස්ථා බොහෝය. හැදෙන ගහක් වැලක් පවා කැඩීමට මැලි වෙයි. මීන ලග්න කාරයා තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන සේ කථා නොකරයි. ඒවා තමාගේම සිතේ ප‍්‍රීතිය පිණිස තනිවම භුක්ති විඳියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික ස්නේහවන්ත භාවය, තමාම විනාශ වන අධික අනුකම්පාව හා ත්‍යාගිවන්ත භාවය මෙන්ම අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදියයි. වළලූ කරේ සිට පහළට කකුල්වල රෝග, ලේ අඩුකම, ඉදිමුම් ගතිය, ලේ අඩු කමින් ඇතිවන හෘද රෝග, පිපිහලූවීම් ආදිය වේ. වයස යාමේදී ලේ අඩුකම හා කකුල් ඉදිමීම ස්වභාවයි. මීනයෙන් උපන් අය ට පසිංගල හෝ පළිඟු ගල් ලග්නය මූලික කර පැළඳීම යහපති…

අකුරු කියවීම
දරුවා බහ තෝරණ වියේදී අකුරු කියන්නට දෙමාපියන් විශාල උනන්දුවක්‌ දක්‌වති. එහිදී දරුවකු පස්‌ වස සම්පූර්ණ වීමට ප්‍රථම සුබ වේලාවකදී දරුවාට අකුරු කියවීම කළ යුතුය. බෞද්ධ
Read More
මැණික් භාවිතය  පරිස්සමෙන්
මැණික්‌ කෙනකුගේ ජීවිතය බැබළවීමට මෙන්ම විනාශයට ද හේතු වෙයි. “හෝප් දියමන්තිය” මිනිසුන් විනාශ කළේය. ගමන් මැණික්‌ නමින් විනාශකාරී මිණිකැටයක්‌ ද මහපොළව යට තිබේ. පුද්ගලයාගේ
Read More
ශනි මංගල ‌‌දෝශය
සරලවම කිවහොත් ශනි මංගල යෝගය යනු ඔබගේ ‌කේන්දරයේ සෙනසුරු ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් සංයෝගව එකම ‌කොටුවේ පිහිටීම හෝ සම සප්තමව ‌හෙවත් එකිනෙකට ප්‍රති විරුද්ධව එකිනෙකාට
Read More
ජ්‍යොතිෂය සහ මරණය
බුදුදහමට අනුව සියලුම සතුන්ගේ මරණය චතුර් නිමිත්තකින් සිදු වන බව සඳහන් වෙයි. එනම් ආයුෂ අවසන් වීම නිසා සිදුවන මරණ ආයුඛ්‍ය මරණං ‌‌ලෙසත්, කර්මය අවසන්
Read More
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට වෘක්‍ෂයන් තුළින් විශ්ව ශක්‌තිය දරුවාට සම්ප්‍රේෂණය කිරීම උදෙසා වාස්‌තු ශිල්පයේ සඳහන් මූලික කරුණු පහත ආකාර වේ. ඔබගේ නිවසේ මුහුණත
Read More
බ්‍රහ්ම පාදය
බ්‍රහ්ම පාදය හෙවත් මරු සුළිය හෝ මරුසුලම යනු නිවසක ප්‍රධාන මර්මස්ථානය වන අතර ප්‍රධාන වශයෙන් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ඇති වන්නේ මෙම ස්ථානයටයි. තවද වාස්තු
Read More
නමේ මුල් අකුරේ අනාවැකි
බටහිර ජ්‍යොතිෂ්‍ය පොතපතට අනුව එක් එක් අක්ෂර සදහා ජීවිත රහස් A - මෙය නමක මුලකුර වේ නම් යහපත් ගුණාංග හා සිතුවිලිවලින් යුක්ත අයකු වේ.
Read More
ගෘහ අංග ස්‌ථානගත කිරීම
ඉපැරණි සෘෂි දහමක්‌ වන වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ ගෘහය සම්පත් පිරි ගෘහයක්‌ බවට පත්කර ගැනීමට ශක්‌තිය හා ප්‍රඥව ලබා ‌දෙන්නේ ස්‌වභාව ධර්මයාට එකඟව නිවසේ
Read More
විවාහය සහ පොරොන්දම් ගැලපීම
[vc_row][vc_column][vc_column_text] විවාහය යනු ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස්‌ ඇති ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්‌තැන් වීමයි. ජීවන
Read More
මල්වර චාරිත්‍ර
කුඩා දැරියකගේ මුල්ම ඔසප් වීම මල් වරය ලෙස හදුන්වනු ලබයි. ගැහැණු දරුවාගේ ජීවිතයේ සංක්‍රාන්ති කාලයක් බැවින් මේ කාලයේදී “දැරිය” හා “ළමිස්සිය” යන අවස්ථා දෙකටම
Read More
ලග්න වලට සුබ මැණික්
මේෂ ලග්නය මෙම ලග්න හිමියන්ගේ ගුරු මහදශාවක් හෝ අතුරු දශාවක් යන කාළවලදී පුෂ්ප රාග මැණික හොද වාසනාවක් ගෙන අතර ඔවුනට රැකියාව සම්බන්ධ කාරණා වලදී
Read More
ජීවිතයට මැණික්‌
ග්‍රහයන්ට හිමි මැණික්‌  * රවි (හිරු) - පද්මරාග (Pink sapphire)  * චන්ද්‍ර (සදු) - මුතු (Pearl)  * කුජ (අඟහරු) - රතු (Ruby)  * බුධ - පච්ච (Emerald)  * ගුරු
Read More
කාල සර්ප යෝගය
කාල යනුවෙන් හදුවන්නේ කේතු වන අතර සර්ප වශයෙන් හදුන්වන්නේ රාහු ග්‍රහයායි. ඕනෑම කෙන්දරයක රාහු සහ කේතු එකිනෙකින් අංශක 180 කින් පිහිටන්නේ රාහුගේ සහ කේතුගේ
Read More
කුජ ‌භෞම දෝශය
අනාදිමත් කාළයක සිට ජ්‍යොතිෂය සම්බන්ධ පර්යේෂණාත්මක කරුණු වලින් පිළිඹිමු වූ ඉතාමත් ඉහල ප්‍රතිශතාත්මක සත්‍යක් නම් විවාහයට බොහෝ බලපෑම් කළ හැක්කේ අඟහරු ග්‍රහයාට බවයි. සාමාන්‍යයෙන්
Read More
හතර කේන්දරය පාලු වීම
හතර කේන්දරය පාලු වීම යනු කේන්ද්‍රස්‌ථාන (විෂ්ණු ස්‌ථාන) හෙවත් කේන්දරයක 1, 4, 7 සහ 10 යන කොටු තුළ ග්‍රහයන් හෝ කිසිදු ග්‍රහයකු පිහිටා නොමැති
Read More

Thank you for reading!